බබාට නමක්

ඇමරිකාවට ඇවිත් ටික දවසකින් අපේ පුංචි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එක්වන බව දැනගත්තා. නෑදෑ හිත මිතුරන්ගෙන් සැතපුම් දහස් ගණනක් දුර රටක තනි වුන අපිට මේ ආරංචිය සතුටුදායක එකක් වගේම “තනියම මොනවා කරගන්නද මන්දා” කියලා හිතුන බියජනක එකකුත් වුනා.

බබාට නමක් හොයන එක තමා මේ කාලෙ අපිට තිබුන ලොකුම හිසරදය. ලංකාවෙදි උපන් වෙලාව බලලා ඒකට ගැලපෙන අකුරුවලට නමක් හොයන්න එක එක අය ගාවට දුවන එක තදින්ම ප්‍රතික්ෂේප කළ කෙනෙක් මම. ඒ නිසා අපි කැමති නමක් දාන එක ලේසි උනා. ඒත් ප්‍රශ්නෙ තිබ්බෙ නමක් හොයන එකයි.

දැන් කාලෙ ළමයින්ට දාන්නෙ කට උලුක් වෙන නම් නේ. කියනකොට හක්ක පනින නමක් අපේ දරුවන්ට දාන්න මම කැමති වුනේම නෑ. ඒ මදිවට දැන් කාලෙ මෝස්තරේනෙ තේරුමක් තියන නමක් දාන එක. ඒකට මට කියන්න තියෙන්නෙ සන්ෆ්ලවර්ස්ලා කියන “පිං මාලු වලේ” සින්දුව තමා. ලොකු වෙලා හොඳ පුද්ගලයෙක් වුනත් නැතත් ගැලපෙනවා විශේෂ තේරුමක් නැති (අකුරු සංයෝජනයකින් සැදුන ) නමක් දාන එක. නමකින් බලාපොරොත්තු වෙන්නෙ ඒ පුද්ගලයව වෙන් කරලා අඳුනගන්න එක මිසක් වෙන දෙයක් නෙවෙයිනේ.

අපිට අමුතුම අත්දැකීමක් වුනෙ බබා ඉපදෙන්නත් ඉස්සෙල්ලා මග තොටේදි මුණගැහෙන අය එයාගෙ නම අහන එකයි. ඒ වෙලාවෙට ලංකාවෙ නම් දාන හැටි එයාලට කියලා දෙන්න වුනා. ඇමරිකාවෙදි නම් පිරිමි ළමයෙකුට තාත්තගෙ නමම දාලා, අගට Jr. කියලා දාන එක අමුතු දෙයක් නෙවෙයි. අපේ පළවෙනි බබා නිසා අපි දෙන්නගෙ නම්වලට කිට්ටුවෙන් යන නමක් දාන්න අපි හිතාගත්තා. (මගෙ කැමැත්ත තිබ්බෙනම් Jr. කියලා දාන්න. ඒත් ඉතින් සිංහල ළමයෙකුට ඒක ගැලපෙන්නෙ නෑ කියලා හිතුනා.) ලැබෙන්න ඉන්නෙ කොලුපැටියෙක් කියලා කලින්ම දැනගත්ත නිසා නම් හෙවිල්ල ටිකක් ලේසි වුනා.

කොහොමහරි හොයලා හොයලා කට උලුක් වෙන වර්ගයේ අගට හල් කිරීම් නැති, දන්න විදියට තේරුමකුත් නැති, අපි දෙන්නගේ නම් වලට ලඟින් යන නමක් හොයාගන්න පුළුවන් වුනා. ඔය පින්තූරෙ ඉන්නෙ ඒ නම දාපු හාදය ඉපදිලා මිනිත්තු කීපයකින්, එයාගේ පියාණන්ගෙ අතේ.

This entry was posted in ජීවිතය and tagged , , , , , , . Bookmark the permalink.

8 Responses to බබාට නමක්

  1. Raven says:

    මුලින්ම මගේ උණුසුම් සුබපැතුම් ඔබ දෙපළට.
    සතුටු වෙනවා දරුවාට නම් තැබීමේ පිළීවෙල ගැන. දැන් දැන් ලංකාවෙ දරුවන්ට දෙන නම් කියවන්න ගියාම දිවත් පැටලෙනව. සමහර වෙලාවලට ඒ නම් උච්ඡාරණය කරන්න කියන්නෙත් අමුතු පිළීවෙලවල් වලටයි. නැත්නම් දරුවට අසුභ බව කියනවා. ඕව ගැන හිතන්න ගියාම තවත් හිසරද.

  2. ඒ ඇටිකිචි කොළුවාගේ නම මොකද්ද ඉතිං?
    අපිටත් ඉතිං සතුටුයි…

  3. බොහොම සන්තෝසයි…සියලු දෙනාට දීර්ඝායුෂ පතනවා. !

  4. sathyajith says:

    පොඩි බබාටයි අම්මටයි තාත්තටයි අපෙනුත් සුභ පැතුම් මල්ලියෙ….!

  5. Pingback: ඇමරිකාවෙ ක්ලිනික් « Nadee's Thoughts | නදීගේ සිතුවිලි

  6. Pingback: බබාට නමක් 2 | Nadee's Thoughts | නදීගේ සිතුවිලි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )