විවෘත මාර්ග සිතියම

ඔබ නොදන්නා විෂයක් ගැන (අන්තර්ජාලය හරහා) අධ්‍යයනයට යොදාගන්නේ විකිපීඩියා (Wikipedia) නේද? ඒත් නොදන්නා ප්‍රදේශයක සිතියමක් සොයද්දී ඔබේ මතකයට මුලින්ම නැගෙන්නේ ගූගල් සිතියම් (Google Maps) නොවේද? ගූගල් වැනි සමාගමක කතෘ අයිතියට (Copy Rights) යටත් සිතියම් ලබාගන්න වෙන්නේ ඇයි? සිතියම් සම්බන්ධව විකියක් නැතිද?

නොමිලේ ලබාදුන්නද ගූගල් සිතියම් ඕනෑම වැඩකට යොදාගත හැක්කක් නොවේ. පෞද්ගලික පාවිච්චිය සඳහා උචිත වුවද, වාණිජමය කටයුතු හෝ වෙනත් පොදු කටයුතු සඳහා ගූගල් සිතියම් යොදාගැනීම පරිහරණයේ කොන්දේසි (Terms of Service) වලින් සීමා කර ඇත.  එවන් සීමාකිරීම් වලින් තොර විවෘත මාර්ග සිතියම්  (Open Street Map) වෙබ් අඩවිය සිතියම් සඳහා විකියක් ලෙස හැඳින්විය හැකිය. එය ප්‍රජා සහභාගිත්වයෙන් වැඩි දියුණු වන සහ යාවත්කාලීන වන සිතියමකි.

OSM Sri Lanka map

ලංකාවේ අංකිත සිතියම් විවිධ ආයතන වලින් සකස්කර තිබුනද, මහජනයාට ඒවා ලබාගන්නට වී ඇත්තේ මුදල් ගෙවීමෙනි. මහජන බදු මුදලින් නඩත්තුවන මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස්කරනලද අංකිත සිතියම් නැවත වරක් මුදල් ගෙවා ලබාගැනීම කෙතරම් සදාචාරසම්පන්නද යන්න වෙනම කථාකළ යුතුය. විවෘත මාර්ග සිතියම මෙයට සුදුසු විකල්පයක් වනු ඇත. කෙසේ වුවද, ලංකාවේ විවෘත මාර්ග සිතියම ප්‍රාථමික මට්ටමක පවතී. එහි ප්‍රධාන මාර්ග පවා අසම්පූර්ණ වන අතර, මාර්ග පිළිබඳ සම්මතයක්ද දක්නට නැත. තවත් අඩුපාඩු බොහෝය. විවෘත ලංකා සිතියමේ මෙම වැරදි නිවැරදි කර, පරිපූර්ණ එකක් බවට පත් කිරීමට ඔබ සැමගේ දායකත්වය අවශ්‍ය වේ.

මේ සඳහා ඔබට දායක වියහැක්කේ කෙසේද?

පහසුවෙන්ම කළහැකි දෙයක් තමයි ඔබ හොඳින්ම දන්නා ප්‍රදේශයක් තෝරාගෙන එය සිතියම්ගතකිරීම හෝ වැරදි නිවැරදි කිරීම. අන්තර්ජාලයේ සිටම Potlatch වැනි ෆ්ලෑෂ් මෘදුකාංගයක් භාවිතයෙන් හෝ අන්තර්ජාලයෙන් වියුක්තව JOSM වැනි  ජාවා මෘදුකාංගයක් භාවිතයෙන් සිතියම් සංස්කරණය කළහැකියි.

ඔබේ ක්‍රමලේඛ (Programming) දැනුමද මේ ව්‍යාපෘතියට දායක කිරීමට පුළුවන්.

ඔබට ලෝකව්‍යාප්ත ස්ථානීය පද්ධති (Global Positioning System -GPS) උපකරණයක් තිබේනම් එහි සටහන්වන මාර්ග දත්ත (Track data) විවෘත මාර්ග සිතියමට ලබාදිය හැකියි. එසේත් නැත්නම් භූකේතිත (Geocoded) ඡායාරූප ලබාදීම කළහැකියි.

සිතියමේ අඩුපාඩු පෙන්වාදීමෙන් පවා සිතියමේ ගුණාත්මකබව වැඩිදියුණුකිරීමට දායකවිය හැකියි. (වැඩිදුර කියවන්න)

අඳුරට ශාපකරනු වෙනුවට එක් පහනක් හෝ දල්වමු.

http://www.openstreetmap.org/

Advertisements

2 thoughts on “විවෘත මාර්ග සිතියම”

  1. මගේ සටහනේ ඔබේ ප්‍රතිචාරය දැක, ඔබේ නිවහනටත් ගොඩවී බලන්නට සිතුණි… ෂහ් අපූරු තැනක් නොවැ…? බොහොම පල ප්‍රයෝජනයක් ඇති තොරතුරු…. දිගටම කරගෙන යන්න සත්තිය ලැබේවා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )