හිල් 3ක්

මොරටු සරසවියෙ ඉගෙනගන්න කාලෙ වුන රසවත් සිද්ධියක් තමා මේ.

අපේ සෙට් එක විභාග කාලට කුප්පි දාන්න සහ එකතු වෙලා පාඩම් කරන්න පුස්තකාලෙ ඇරෙන්න වෙනත් ඕනෑම තැනකට සෙට් වෙනවා. අපාය, විමානෙ (එතන වැඩිපුර හිටියෙ ජෝඩු නිසා යන්නෙ නෑ), බස් එක, වල, ගොඩ ඔය කොතැනත් එකයි. දවසක් අපායෙ මදුරුවො තල තලා පාඩම් කරන අතරෙ පොඩි විවේකයක් ගන්න අනං-මනං කථා කර කර හිටියා. (කොහොමත් වැඩ කරනවට වඩා විවේක ගන්න එකනෙ කරන්නෙ).

අපායෙ ඉඳලා බැලුවාම කෙලින්ම පේන්න තියෙන කජු කැලේ තමා එදා අපේ මාතෘකාව උනේ. කජු කැලේ ජෝඩු රිංගන තැනක් විදියට ප්‍රසිද්ධයි. ඔය කාලෙ කජු කැලේ කපලා අලුතෙන් ගොඩනැගිල්ලක් ඉදිවෙමිනුයි තිබුනේ. ඒත් ඉතින් කැලේ කපලා එතැනත් ගොඩනැගිලි තැනුවාම පෙම්වතුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවානෙ. ඉතින් අපි ඕකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කථාබහ කරනවා.

හොඳ විසඳුමක් ගෙනාවෙ අපේ නඩේ ..පුලා. “අපි කාමර හදලා ජෝඩු වලට දෙමු. පැයට 100යි”. හැමෝම ඒකට කැමති වුනා. “කැම්පස් යන කොල්ලන්ට කොහෙද සල්ලි. කවුරුත් එන්නෙ නෑ බං ඔය ගානට” එහෙම කිව්වෙ රංජන්. “එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. කාමර වල බිත්ති වල හිල් හදමු. කාමරේ 10යි. හිල 20 යි. එතකොට කාටත් වාසියි” හොඳ මොලකාරයෙක් වන කොටා හෙවත් සනා කිව්වා.  (අපේ කාලෙ මොරටුවේ ගැහැණු ළමයි හරිම අඩුයි. කොල්ලො 7 ට කෙල්ලො 1 යි (ඉංජිනේරු පීඨයේ). ඉතින් ජෝඩුත් ටිකයි හිටියේ.)

ඒ නිසා කාමරේ 10ට දීලා හිල් වලින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් බවයි හැමෝගෙම මතය වුනේ.

ඔය අතරේ වැඩි කථාබහක් නැති චන්ඩිත් අපේ කථාවට එකතු වුනේ “මචං එතකොට සනාට රුපියල් 60ක්ම යනවා නේද?” කියලා අහගෙන. “ඒ මොකටද බං මට හිල් 3ක්ම” කියලා කොටා හෙවත් සනා ඇහුවා.

“ඇයි බං, උඹ උස නෑනෙ හිලෙන් බලන්න. ඒ නිසා අත් වලින් එල්ලෙන්න හිල් දෙකයි, බලන්න හිලයි” කියලා චන්ඩි කිව්වේ අපි හැමෝම හිනා සයුරේ ගිල්වමින්.

(නම් මනඃකල්පිතයි).
(අපි විභාගෙ ගොඩ ගියේ පොතට වැඳීමේ පින නිසා නොව මහන්සි වී වැඩ කළ නිසා බව කරුණාවෙන් සලකන්න)

Advertisements

“හිල් 3ක්” වෙත සිතුවිලි 11ක්

  1. 😀

    තව ටික කාලෙකින් නම් කාමර හදන්නවත් ඉඩ ඉතුරු වෙයිද දන්නෙ නෑ.
    අපායෙ ඉදන් පාඩම් කරනව කියල දැනගත්තෙ අදයි.

    එළ කතාව දිගටම ලියන්න.

    1. ප්‍රතිචාරයට ස්තුතියි.
      අපායෙ දැන් මොනවද කරන්නෙ එහෙනම්?

      අපේ කාණ්ඩයෙන් පස්සෙ කාන්තා නියෝජනය වැඩි වුනා (3:1) අනුපාතයට කිට්ටු වෙන්න. (කැන්ටින්වල කාන්තා පාර්ශවයටත් පෝලිමට එකතුවෙන්න කියන්න වුනා.) ඒත් දැන් තත්වෙ 7:1 ද?

      1. දැන් නම් අපි අපායට යන්නෙ lecture එකක් ඉවරවෙලා අනිත් එක පටන් ගන්නකම් net යන්න.

        ශික් ඒ කාලෙ එනන් බැරි වුණානේ. ඔව් ඔව් 7:1 අපේ dept එකේ. batch එකක් විදියට බැලුවොත් 10:1 ක් වගේ. හරිම සෝචනීය තත්වයක් 😦

  2. නියමයි කතාව. නං ගං මනඃකල්පිත උනාට වැඩේ ඇත්ත නේ. අර plan කරපු කොටා දැං business කාරයෙක් වෙලාද ? තාම නැද්ද ? 🙂
    හොඳයි නදී. ඔයාගේ blog එකේ තියෙන ලිපි ඔක්කොම වගේ රසවත්. තව තවත් ලියන්න ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා.
    -ජය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )