ස්වයංක්‍රීයකරණය | Automation -1

කාර්මික විප්ලවය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. 18 හා 19 වන සියවස් වලදී සිදුවුනු කාර්මික විප්ලවයට පෙර ආර්ථිකය පදනම් වූයේ මිනිස් හා සත්ත්ව ශ්‍රමය හා සරල මෙවලම් මතය. ආහාර නිෂ්පාදනයේ සිට රෙදි විවීම, ප්‍රවාහනය යනාදී සියල්ල මිනිස් හා සත්ත්ව ශ්‍රමය හා සරල මෙවලම් මත යැපුනි. මෙම කාර්යයන් සඳහා යන්ත්‍ර-සූත්‍ර යොදාගැනීම මඟින් ආර්ථිකය යන්ත්‍ර මත පදනම්වූ නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කාර්මික විප්ලවයේදී  සිදුවුනි. විද්‍යුත් ශක්තිය ජනනය සහ අභ්‍යන්තර දහන එන්ජිම සොයාගැනීම මඟින් යන්ත්‍ර භාවිතය තවත් වැඩිවුනි.

Hand drill
Power drill

යන්ත්‍ර මඟින් මිනිස් ශ්‍රමය යොදාගැනීම අඩු කළහැකි වුවද, එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට මිනිස් මැදිහත්වීමක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස විද්‍යුත් බුරුමයක් (Electric Power Drill) ගනිමු. මිනිසාගේ මාංශපේෂි යොදාගෙන අත් බුරුමය මෙන් (Hand Drill) කරකැවීම අවශ්‍ය නොවුනද, එය හැසිරවීමට මිනිසෙක් අවශ්‍යය. ප්‍රවාහනයට මෝටර් රථයක් යොදාගත්තද එය හැසිරවීම සඳහා මිනිසෙක් අවශ්‍ය වීමද  උදාහරණයක් ලෙස සැලකිය හැකිය.

ස්වයංක්‍රීයකරණය (Automation) ඉහත සඳහන් යාන්ත්‍රීකරණයෙන් (Mechanization) හෝ කාර්මීකරණයෙන් (Industrialization) ඔබ්බට තවත් පියවරක් තබයි. ඒ, යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම ඉලෙක්ට්‍රොනික් හෝ යාන්ත්‍රික පාලන පද්ධති (Control Systems) වලට පැවරීමයි. මෙම පාලන පද්ධති මඟින්, යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මිනිස් සංවේදක ඉන්ද්‍රියයන්ගේ හා බුද්ධිමය හැකියාවන්ගේ අවශ්‍යතාවය අවම කරවන අතර මිනිස් මැදිහත්වීමේ අවශ්‍යතාවය මේ නිසා අවම වේ.

Ford Assembly Line
Modern Automobile Assembly

ඉහත පින්තූරයෙන් 1913 දී ෆෝ(ර්)ඩ් මෝටර්රථ එකලස් කරන අවස්ථාවක් දිස්වන අතර, පහත පින්තූරයෙන් නූතන මෝටර්රථ එකලස් කරන අවස්ථාවක් දිස්වේ. මේ පින්තූර දෙකෙහි බැලූබැල්මට පෙනෙන වෙනසකි, යන්ත්‍ර හසුරවන මිනිසුන් සංඛ්‍යාව.

නූතන මෝටර් රථ නිමැවුමේදී යන්ත්‍ර භාවිතය ඉහල වන අතරම, එම යන්ත්‍ර හැසිරවීම සඳහා මිනිසුන්ගේ මැදිහත්වීම අවම වේ. වෙනත් ලෙසකින් කියතොත්, නූතන මෝටර්රථ එකලස්කරණය බොහෝ දුරට ස්වයංක්‍රීයකරණය කර ඇත.

ඇල්පෙනෙත්තේ සිට මෝටර් රථ නිෂ්පාදනය දක්වාද, ඔබගේ අත බැඳි ඔරලෝසුවේ සිට ඔබ මෙම සටහන කියවන පරිගණකය නිෂ්පාදනය දක්වාද නැතිවම බැරි තාක්ෂණයකි, ස්වයංක්‍රීයකරණය. එය භාණ්ඩ නිෂ්පාදනයට පමණක් සීමා වූ තාක්ෂණයක් නොවේ. ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර, ඉබේ ඇරෙන-වැසෙන දොරවල්, පරිසර උෂ්ණත්වයට අනුව වෙනස්වන සිසිලන පද්ධති ආදිය අපගේ එදිනෙදා දිවිය පහසු කිරීමට යොදාගන්නා ස්වයංක්‍රීයකරණ තාක්ෂණයේ ප්‍රතිඵල වලට උදාහරණ වේ.  එපමණක් නොවේ, මිනිසුන් රහිත හෝ අවම ප්‍රමාණයක් සහභාගි වියයුතු අභ්‍යවකාෂ ගවේෂණය, සයුරු පත්ලේ ගවේෂණ ආදී කටයුතු සඳහා ස්වයංක්‍රීයකරණයේ ප්‍රයෝජන බොහෝය.

කර්මාන්තාශ්‍රිත ස්වයංක්‍රීයකරණය පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. ස්වයංක්‍රීයකරණයෙන් ඉහළ ප්‍රමිතියකින් යුතු භාණ්ඩ නිෂ්පාදනය, ඵලදායිතාවය වැඩිවීම, අඩු පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය යනාදී ප්‍රතිඵල ගණනාවක්ම ඇතැම් කර්මාන්ත සඳහා ලබාගත හැකිය. (මෙහිදී “ඇතැම්” කර්මාන්ත ලෙස සඳහන්කර ඇත්තේ සමහර කර්මාන්ත සඳහා ස්වයංක්‍රීයකරණය වාසිදායක නොවන නිසාය. ඒ පිළිබඳව පසුව විස්තර කරනු ඇත.)

කර්මාන්තශාලාවල ස්වයංක්‍රීයකරණයෙන් සේවකයන්ගේ රැකියා අහිමිවේද? මෙය බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් මෙන්ම, වෘත්තීය සමිති මඟින් ස්වයංක්‍රීයකරණයට විරුද්ධවීමටද හේතු පාඨයක් කරගෙන ඇත. සැබැවින්ම ස්වයංක්‍රීයකරණයෙන් සේවකයන්හට වැඩ කිරීම පහසු වන අතර, දීර්ඝකාලීනව ගතහොත් රැකියා අහිමිවීමක් සිදු නොවේ. යන්ත්‍ර සහ කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණයට, යන්ත්‍ර නඩත්තුවට, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට, වැඩිවන නිෂ්පාදන අලෙවිකරණයට, සැලසුම් සකස්කිරීමට, කළමනාකරණයට යනාදී විවිධ කටයුතු සඳහා මිනිස් දායකත්වය අවශ්‍ය වේ. ඒ අනුව ස්වයංක්‍රීයකරණයෙන් රැකියා අහිමි නොවන අතර, නව රැකියා අවස්ථා බිහිවීමද විරල නොවේ. මෙහිදී කෙටිකාලීනව නුපුහුණු ශ්‍රමය සැපයූ සේවකයන් හට රැකියා අහිමිවිය හැකි නමුදු, නිසි පුහුණුවකින් පසු ඉහළ මට්ටමේ සේවාවන් සඳහා දායක වීමට ඔවුනට හැකිවන අතරම වැඩි වේතනයක්ද ලබාගැනීමට හැකිවේ.

ස්වයංක්‍රීයකරණය පිළිබඳව වැඩිදුර කරුණු ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න.

පින්තූර ගත්තෙ මේ තැන් වලින්.




Advertisements

“ස්වයංක්‍රීයකරණය | Automation -1” වෙත එක් සිතුවිල්ලක්

  1. සඳ වෙන්න පුලුවන්නම් ආකාසේ
    දැක ගන්න පුලුවන් වෙය් ඔබ සිත් සේ
    මට ඉන්න බෑ තවත් දැකගන්න ඉඩදෙන්න
    ඔබෙ සොඳුරු රුව ඇති තරම්
    ඔයාගෙ වෑඩේ හොදා
    ඒත් හ‍්රිම boring

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )