වඳුරෝ සහ රිලව්

ලංකාවේ අලි-මිනිස් ප්‍රශ්නය ගැන එමට අසන්නට ලැබෙනවා. එයට තවමත් හරිහැටි විසඳුමක් නෑ. අලි-මිනිස් ගැටළුව තරම් දරුණු නොවූවත් වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් මිනිසාට වන කරදර ගැන කතාබහක් නොකෙරෙන තරම්.

Wandura Rilawaගම් ආශ්‍රිතව මෙන්ම නගරාශ්‍රිතවද වෙසෙන වඳුරු හා රිලා රංචු මිනිස් ක්‍රියාකාරකම් වලට විශාල වශයෙන් බාධා පමුණවනවා. ගෙවතු වල වගාකරන කෙසෙල්, රඹුටන් ආදී පළතුරු මෙන්ම වෙනත් බෝග වර්ගද වඳුරන්ගෙන් සහ රිලවුන්ගෙන් බේරාගැනීමට මිනිසුන්ට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදු වෙනවා.

අතීතයේදී වඳුරන්ට හා රිලවුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩකඩ මෙන්ම ආහාරයට ගතහැකි වල් පළතුරු සහ කොල වර්ගද එමට තිබුනත්, (මිනිස්) ජනගහන වර්ධනය නිසා ඉඩකඩ සහ ආහාර සීමා වෙලා. ඒ නිසා උන්ට යැපීමට සිදුවී ඇත්තේ මිනිසා වගා කරනා පළතුරු හා බෝග වර්ග පරිභෝජනයෙනුයි. එපමණක් නොව උන්ගේ ස්වභාවික ගමන් මාර්ග වන ගස්වැල් කපා දැමීම නිසා, හැට පැන්නත් බිමින් නොයතැයි කිවූ වඳුරන් බිමින් මෙන්ම නිවාසවල පියැසි මතින්ද ගමන් කිරීම සුලබයි. මේ නිසා වහලවල් වල උළු සහ ඇස්බැස්ටස් තහඩු බිඳීමද සිදු වෙනවා.

අතීතයේදී වඳුරන්ව දඩයම් කළ බල්ලන් සහ පුද්ගලයන් සිටියත් අද වඳුරන්ට ස්වභාවික සතුරන් නැති තරම්. මේ නිසා වඳුරු ගහනයද වැඩිවනබව සිතිය හැකියි. මේ නිසා උන්ගේ ආහාර තවත් සීමාවීම හා එහි ප්‍රතිඵලයක් ලෙස තව තවත් මිනිසාහට ගැටළුවක් වීම නොවැලැක්විය හැකියි.

එමෙන්ම පූජනීය ස්ථාන අවට දැක්නට ඇති රිලා රංචුත් එම ස්ථාන වලට පැමිණෙන ජනතාවට කරදරයක් වන අවස්ථාත් දුලබ නැහැ.

වඳුරන්ගේ කරදරවලින් මිදීම සඳහා ඇතැම් පුද්ගලයන් උන්ට වස දීමට උත්සාහගත් අවස්ථාගැනද පුවත්පත් වල සඳහන් වී තිබුනා. සීගිරියේ බඹර වද වලට ගිනිතබා බඹරුන් විනාශ කළ ආකාරයේ අඳබාල ක්‍රියා රිලවුන්ට විරුද්ධවද කළබව අසන්නට ලැබුනොත් පුදුමයක් නොවෙයි. මිනිසුනට කෙතරම් කරදරයක් වුනද, ඒ සතුන්ටත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. එයට ගරු කිරීමට බුද්ධිමත් සත්ත්ව කොට්ඨාසයක් වන අපි සැමට හැකි විය යුතුයි.

එම සතුනටද හිරිහැරයක් නොවන පරිදි සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම  වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යයක්. අලි-මිනිස් ගැටළුව තරම් දුර දිග යනතෙක් නොසිට වඳුරන්ගෙන් සහ රිලවුන්ගේන් මිනිසුනට ඇතිවනප්‍රශ්නවලට විසඳුම් සෙවීම යුහුසුළුව කළයුතුයි. නියපොත්තෙන් කැඩීමට හැකි දේ ඒ අවස්ථාවේ නොකළොත්, පසුව පොරවකින්වත් කැපීමට නොහැකි වනු ඇති.

පින්තූර ගත්තෙ මෙතනින්.

http://www.slendemics.com/easl/mamals/Endemic%20Mammals%20specis.html

Advertisements

“වඳුරෝ සහ රිලව්” වෙත සිතුවිලි 4ක්

  1. අයීයෝ අලිවගේ නොවෙයී වදුරො. ගම්පලාත් වල වදුරෝ වැඩි උනා කියලා කිසිම පුරස්නයක් නැහැ. වදුරු මස් වලට හොද ඉල්ලුමනේ. ඔය පහුගිය දෝහේ පහල ගොඩැල්ලෙ මිනිහෙක් අපේ ගෙවල් ඉස්සරහ වත්තේ තේක්ක ගහක් උඩ හිටපු තඩි වදුරෙකුට වෙඩි තිබ්බේ. වදුරත් වැටෙන්න ඉස්සල්ල, වෙඩි වැදිච්ච තුවාලෙ අල්ලලා, අතේ තිබුනු ලේ පෙන්නුවා වෙඩි තිබ්බ එකාට. ඒ හාදය පොඩි එක්කෙක් එල්ලාගෙන යනවා වාගේ වදුරත් එල්ලාගෙන සයීගලෙ නැගලා ගියේ සුරුං ගාල.

    අලිංගෙන්නම් ප්‍රශ්ණ තමයී. උන්ට දැන දළ නැහැනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )