නයිමිරිස් බෝම්බ

ලංකාවෙත් සමහර ප්‍රදේශවල වැවෙන නයිමිරිස් වලට ඉන්දියාවෙ විවිධ නම් පාවිච්චි කරනවා නාග ජොලොකියා (Naga jolokia), භොට් හෙවත් භුට් ජොලොකියා (Bhot or Bhut jolokia), බිහ් ජොලොකියා (Bih jolokia) ඒවායින් කීපයක්. බටහිර මාධ්‍යවල “භූත මිරිස්” (Ghost chili) කියල තමයි මේ මිරිස් වර්ගය හඳුවන්නෙ.

පසුගිය වසරේදී ඉන්දීය ආරක්ෂක විද්‍යාඥයන් නයිමිරිස් යොදාගෙන අත්බෝම්බ වලට ආදේශකයක් නිපදවීමේ හැකියාව හැදෑරීම ඇරඹුවා. පරීක්ෂණ වලින් අනතුරුව නයිමිරිස් යොදාගෙන කඳුලු ගෑස් බෝම්බ ආකාරයේ අවි නිපදවීමට තීරණය කර තිබෙනවා. මෙම බෝම්බ වර්ගය සතුරන්ව මරාදමනවා වෙනුවට ඔවුන්ව අප්‍රාණික කරනු ඇති.

මිරිස්වල ඇති සැර බව (Piquancy) ඇතිකරන රසායනික සංඝටකයවන කැප්සයිසින් (Capsaicin) ප්‍රමාණය මනින ස්කෝවිල් පරිමාණයේ (Scoville scale) ඉහලින්ම ඇති නයිමිරිස් (මෙහි සැර විවිධ සාධක මත වෙනස් වනවා ) ලොව සැරම මිරිස් වර්ගය ලෙස 2007 වසරේදී ගිනස් වාර්තා පොතටත් එක් වුනා.

විෂ රහිත රසායනිකයක් නිසා සැකකරුවන් මරාදමනු වෙනුවට ඔවුන්ව අප්‍රාණික කිරීමට මේ නයිමිරිස් බෝම්බ සමත්. කැරලි මැඩපැවැත්වීමට, ත්‍රස්තවාදීන් සැඟවී සිටින ගුහා, බංකර් ආදියෙන් ඉවත් කිරීමට නයිමිරිස් බෝම්බ යොදාගත හැකියි.

ලංකාවෙ දවසකට කීපයක් තියන උද්ඝෝෂණ, පෙලපාලි මැඩපවත්වන්න නැතිවම බැරි කඳුලු ගෑස් පිටරටවලින් ආනයනය කරන්නෙ නැතුව අපේ රටේම නයිමිරිස් බෝම්බ නිපදවන්න ආරක්ෂක උපකරණ පර්යේෂකයොත් කටයුතු කළානම්, අන්තරේ, ජ.වි.පෙ, අන්තර් සමාගම් සහෝදර-සහෝදරියන්ටයි, ලිප්ටන් වටරවුමෙයි-කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ බදු ගත්ත ඩොලර් කාක්කන්ටයි  අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණවලින් ලංකාවට එවපු කඳුලු ගෑස් වලින් ප්‍රහාර නොකා, දේශීය නිෂ්පාදකයන්ට අත-හිත දෙමින් “සියරට දේ සිරිසැප දේ” කිය-කියා අඬ-අඬා ගෙදර දුවන්න තිබ්බා.

පින්තූරෙ ගත්තෙ මෙතනින් – http://en.wikipedia.org/wiki/File:Naga_Jolokia_Peppers.jpg

Advertisements

7 thoughts on “නයිමිරිස් බෝම්බ”

    1. කොච්චි, නයිමිරිස් දෙකම එක වගේ නේද? (සැර පොඩ්ඩක් අඩු-වැඩි වෙනවා ඇති.)
      වෙනත් රටවල ආරක්ෂක අංශ යොදාගන්නා ගම්මිරිස් වායුවත් (Pepper spray) කඳුලු ගෑස් වගේ. එහි සැර Scoville ඒකක වලින් 5,000,000 පමණ වන අතර, නයිමිරිස් වල එම අගය 1,000,000 ක් පමණයි. සැර අඩු මාළුමිරිස් බෝම්බවලින් ප්‍රයෝජනයක් නොවනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )