අවුරුදු දහතුනේ උපාධි අපේක්ෂකයා

දහතුන් හැවිරිදි කොලින් කාල්සන් (Colin Carlson) ඇමරිකාවේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ (University of Connecticut) පරිසර විද්‍යාව  හා පරිණාමී ජීව විද්‍යාව (Ecology & Evolutionary biology) සහ පාරිසරික අධ්‍යයනය (Environmental studies) යන ද්විත්ව උපාධි (double major) හදාරන දෙවන වසරේ සිසුවෙක්. වයසින් අඩු බැවින් දකුණු අප්‍රිකාවේ ක්ෂේත්‍ර වැඩ කළයුතු  පාඨමාලාවක් හැදෑරීමට විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඔහුට ඉඩ නොදීම මාධ්‍යවල වාර්තා වුනා.

වයස අවුරුදු 2-3 සිටම කියවීමට හුරු වූ කොලින්, පාසලේ ශ්‍රේණි දෙකක්ම මඟහැර ඉහළ ශ්‍රේණියකට සමත් වී තිබෙනවා. වයස අවුරුදු 9 දී කනෙක්ටිකට් විශ්වද්‍යාලයේ මනෝවිද්‍යාව, ඉතිහාසය ආදී පාඨමාලා හැදෑරීම ආරම්භ කළ ඔහු ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) අන්තර්ජාල උසස් පාසැලෙන් (Online high school) උසස්පෙළ ඩිප්ලෝමාව (High school diploma) ලබාගන්නා විට වයස අවුරුදු 11 ක්. ඉන්පසු පූර්ණකාලීන සිසුවෙක් ලෙස කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවූ කොලින් 3.9/4.0 ක ඉතා හොඳ ලකුණු සාමාන්‍යයක් (Grade point average) රඳවාගෙන තිබෙනවා.

කොලින් මූලික උපාධිය සම්පූර්ණකිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 22 වනවිට පරිසර විද්‍යාව හා පරිණාමී ජීව විද්‍යාවෙන් ආචාර්ය උපාධියක්ද, පාරිසරික නීති (Environmental law) උපාධියක්ද ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ සංරක්ෂණ විද්‍යාව (Conservation science) තම වෘත්තිය කරගැනීමේ අරමුණින්.

කැස්බෑ විශේෂයක (common snapping turtle) හැසිරීම සම්බන්ධයෙන් කොලින් මේ වනවිටත් පර්යේෂණ ලිපියක් පළකර තිබෙනවා.

වයස අවුරුදු දහතුනේ දරුවෙක් වුවද කොලින් විශිෂ්ඨ සිසුවෙක් පමණක් නොව තමන්ගේ වෘත්තිය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇත්තෙක් වීම ගැන ඔහුගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මවිතය පළ කරනවා. ඉහළ බුද්ධිමය හැකියාව සහ ආත්ම විශ්වාසය කොලින්ගේ වයසට අනුව අසාමාන්‍ය බව ඔවුන් පවසනවා.

විශ්වවිද්‍යාලයෙන් පාඨමාලාව හැදෑරීමට නොදීම නිසා තමන්ගේ කාලය අපතේ යනබව කොලින් පවසනවා. අවුරුදු හතරෙන් උපාධි දෙකම සම්පූර්ණ කිරීමේ සැලසුමට මේ නිසා බාධාවී ඇතැයි ඔහු පවසනවා. කොලින් සහ ඔහුගේ මව විශ්වවිද්‍යාලයේ තීරණයට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබෙන අතර විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් පවසන්නේ වෙනත් ස්ථානයකට යාමේදී සිසුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දියයුතු බවයි. කොලින්ගේ මව ඇයගේ වියදමින් ඔහුගේ ආරක්ෂාව සඳහා දකුණු අප්‍රිකාවට පැමිණීමට සූදානම්වුවත් පාලනාධිකාරිය කොලින් හට පාඨමාලාවට ලියාපදිංචිවීමට ඉඩ දී නෑ.

කෙසේ වෙතත් ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමේ (National Science Foundation) අනුග්‍රහයෙන් දකුණු අප්‍රිකාව බලායන පර්යේෂණ කණ්ඩායමකට ඇතුලත්වීමට කොලින් සමත්වෙලා. එම පර්යේෂණ ගමන සහ සම්මන්ත්‍රණයක් කළහොත් ඔහුට ලියාපදිංචිවීමට නොදුන් පාඨමාලාවේ අවශ්‍යතා සම්පූර්ණවන බවට විශ්වවිද්‍යාලයෙන් සහතික වියහැකිනම් සෑහීමට පත්වෙන බව කොලින් හා ඔහුගේ මව පවසනවා. තමන් පාලනාධිකාරිය සමඟ ගැටුම් ඇතිකරගැනීමට අකමැති නමුත් ඒ හැර විකල්පයක් නැති බවයි කොලින් පවසන්නේ. බාධක හමුවේ පසුබැසීමට අකමැති බව කොලින් පවසනවා.

කොලින් ගැන විස්තර කියවන්න මෙතනින්.

http://hydrodictyon.eeb.uconn.edu/eebedia/index.php/Colin_Carlson

ලංකාවෙ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න අවම වයස 18 වෙන්න ඕනෙ මම දන්න විදියට නම්. බාහිර උපාධි වලටනම් වයස 17 සම්පූර්ණ කරලා තියෙන්නෙ ඕනෙ. අපේ රටේ සා.පෙ., උ.පෙ. කරලා විශ්වවිද්‍යාලවලට යන්නෙ වෙන රටවල අය උපාධිය ඉවරකරලා එලියට බහින වයසෙදියි. කාට කියන්නද?

ආශ්‍රිත ලිපි.

http://news.yahoo.com/s/ap/20100325/ap_on_re_us/us_prodigy_study_abroad

Advertisements

“අවුරුදු දහතුනේ උපාධි අපේක්ෂකයා” වෙත සිතුවිලි 10ක්

  1. අපේ රටේ කැම්පස් යන්නත් මාර කට්ටක් කන්න ඕනේනේ. සුදුසුකම් ලැබුවත් පහසුකම් නැතිනිසා ඇතුළට ගන්නේ නෑ. A/L නැත්තම් වැඩිපුර අධ්‍යාපනය හදාරන්න වැටකඩොළු වැඩියි. මේ හින්දා අපේ තරුණ පරම්පරාවේ වෙලාව නිකන් නාස්ති වෙනවා කියලා මමනම් හිතන්නේ… කැම්පස් යන්න බැරි වුනත් තමන්ගේ හැකියාවට අනුව උපාධියක් ලබා ගැනීමට ඉඩ සලස්වන ක්‍රමයක් හදනවා නම් හොඳයි කියලා මමනම් හිතන්නේ….

    1. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනෙ. ඒත් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවත් දාන්නෙ දෙන්නෙ නැති අය ඉන්න නිසා ඒ වැඩේ ලඟදි වෙයි කියලා හිතන්න නම් බෑ.
      විවෘත විශ්වවිද්‍යාලය සහ මෑතකදි ඇරඹුන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සාමාන්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බැරි අයට තියෙන තවත් විකල්ප දෙකක්.

      1. I think its high time for our policy makers to change our education system to accommodate flexible learning. I did not sit for A/L therefore did not have the opportunity to get a degree. However, because of my work history, a leading western university allowed me to do a master’s degree and after few years I obtained a PhD from another leading university. Sadly in Sri lanka, hardly any opportunities for capable people who really want to progress in their lives.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )