පොලීසිය කළ තවත් වැඩක්

ලංකාවෙ පොලීසියක හපන්කමක් ගැන කලින් කිව්වනෙ. එතැනදි පොලීසියට අයිති සහ අයිති නැති වැඩ ගැනත්, සදාචාරය ගැනත් කොලූ සහ හසිත අතර සංවාදයක් කෙරුනා. මට ඒ අතරෙ මතක් වුනා ඒ වගේම තවත් සිද්ධියක් ගැන. මේ සිද්ධියත් මම කාලෙකට ඉස්සර ජාතික පුවත්පතක කියෙව්ව එකක්.

එක ප්‍රදේශයක (මට මතක විදියට අම්බලන්ගොඩ) දක්ෂ වඩු කාර්මිකයෙක් ඉන්නවා. ඔහු ලීයෙන් විසිතුරු නිර්මාණ කරන්න දක්ෂයි. මේ වඩු මහතා එක් නිර්මාණයක් නිසා බොහොම ජනප්‍රිය වෙනවා. ඒ ලී නිර්මාණයෙ අනුරූ සකස්කරගන්න පාරිභෝගිකයො ගොඩක් එනවා. ඒ නිර්මාණය මැදපෙරදිග ඉන්න පාරිභෝගිකයන්ටත් අපනයනය කරලා තියෙනවා. හැබැයි මේකෙ විශේෂත්වය තමා මේ පාරිභෝගිකයො සියළුම දෙනා කාන්තාවන් වීම. විශේෂයෙන්ම මැදපෙරදිග සේවයට යන කාන්තාවන් සහ තනිකඩ කාන්තාවන් තමා මේ නිර්මාණය මිලට ගන්න ඇවිත් තියෙන්නෙ. දැන් ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක්ද මේ ලී නිර්මාණය කියලා. කොලේ වහල ගහන්නෙ මොකටද? ඒ වඩු කාර්මිකයා හදපු විශේෂ දේ තමා (උත්තේජිත) පුරුෂ ලිංගයක ආකෘතියක්. දැන් පොලීසිය මේ සිද්ධියට ගැවෙන්නෙ කොහොමද?

මේ වඩු කාර්මිකයා පුරුෂ ලිංගවල ආකෘති හදලා විකිණුවා කියලා පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව ඒ පුවත්පතේ සඳහන් කරලා තිබුනා. මේ පුවත හොඳට රස කරලා ලියල තිබුනා මිස ඔහුට චෝදනා එල්ල කරලා උසාවියෙ නඩු දැම්මද නැද්ද කියලා ඒ පුවතෙ සඳහන්ව තිබුනෙ නෑ.

මෙතනදිත් පොලීසියෙ කාර්ය භාරය, ලංකාවෙ ලිංගික නිදහස වගේ දේවල් විවාදයට ගන්න පුළුවන්.

  • පුරුෂ ලිංගවල ආකෘති හදන එක වැරදිද? එහෙම නම් මුලින්ම කරන්න තියෙන්නෙ ලංකාව වටේම තියන ශිව ලිංග ඩයිනමයිට් දාලා පුපුරවන එකයි.
  • පුරුෂ ලිංගවල ආකෘති ලඟ තබාගැනීම හෝ නිපදවීම නීතියෙන් තහනම්ද? එහෙම නැතිනම් පොලීසියෙන් වඩු කාර්මිකයව අත්අඩංගුවට ගත්තෙ ඇයි? පොලීසියට සදාචාරය රකින්න ලයිසන් දීල තියනවද?
  • කාන්තාවන් කෘත්‍රිම වස්තුවලින් ලිංගික වින්දනයක් ලබාගැනීම (වක්‍රාකාරයෙන් හෝ) වැලැක්වීමට පොලීසියට ඇති අයිතිය මොකක්ද? (ඒ අය තලේබාන් පුහුණූව ලබපු අයද දන්නෙ නෑ.)
  • කෘත්‍රිම පුරුෂ ලිංග පාවිච්චිය වලක්වන්න උත්සාහ කරන අය මැදපෙරදිග ගොස් වෙනත් පිරිමින් ඇසුරු කළොත් හෝ තනිකඩ/ වැන්දඹු කාන්තාවක් විවාහ නොවී පිරිමියෙක් ඇසුරු කළොත් සමාජයේ ගර්භාවට පාත්‍ර වීමෙන් බේරා ගන්නවද?

මේ ගැන ඔබට හිතෙන්නෙ මොනවද?

“පොලීසිය කළ තවත් වැඩක්” වෙත සිතුවිලි 14ක්

  1. ඔය ප්‍රවෘතිය මටත් මතකයී. නැවත නොකර ලෙස අවවාද කරලා (මට මතක හැටියට රුපියල් දාහක ) දඩයක් යටතේ මේ කලාකාරයාව ගෙදර යවලා තිබුනා. මම වඩු කාර්මිකයෙක්යැයී නොකියන්නේ, මේ පුද්ගලා පැහැදිලිවම වඩු කාර්මිකයෙකු නොවෙන නිසයී. පිලිම හදන පුද්ගලයෙකුට අපි මේසන් බාස්යැයී කියන්නේ නැහැනේ.

    මගේ (දුර්වල) මතකේ හැටියට මැද පෙරදිග යන උදවියට නොවෙයී, ඒ පලාතෙ ගැවසෙන විදේශිකයන්ට, රුපියල්වලින් එකදාස් පන්සීයේ ඉදල ඉහල මුදලට විකුණලා තිබුනේ.

    සමහර රටවලනම් උපත්පාලන කොපුත් තහනම්. අනිත් රටවල බොහෝම අදි තාක්ෂණික පුරුෂ ලිංග විවිද විවිද නානාප්‍රකාර ක්‍රමවේදයන් යටතේ තියෙනවා. පැහැදිලිව ප්‍රසිද්දියේ විකුණනවා.

    අනේ හත්තලාමේ, ඇමරිකාවේ, මෑන්හැටන් ටවුමේ බාගෙට බාගයක් ඔය උපකරණ විකුණන කඩ අයීති සිංහලයන්ට. කඩ වල වැඩ කරන්නේ සිංහල උදවිය. දැන් උනත් ඇමරිකාවට ගොඩ වුනොතින් අද රෑ මුරේට ඒ කඩෙක අපේ කට්ටියත් එක්ක සෙට වෙලා කුලියක් හොයා ගන්න පුලුවන් (ඒවා පැය විසි හතරෙම ඇරලා).

  2. ලංකාවේ පොලීසිය තියෙන්නේ ආණ්ඩුවේ සිතුරිටි වැඩ කරන්න සහ විශ්ෂයෙන්ම දුප්පත්, අසරණ උන්ව තලා පෙලන්නයි. පොලීසියේ වැඩ කරන්නෙත් ඒ පන්තියේම අය වීම සුවිශේෂ කාරණාවක්.

    කොළඹ පොෂ් කලාකාරයෙක් ඕක කළා නම් හරි, කොළඹ සුපිරි කාලගාරයක ඔය නිර්මාණ ප්‍රදර්ශනයට තිබුණානම් ඔය එකක්වත් නෑ.

    මේ කතාවෙන් මතුවෙන අනිත් කාරණය නම් පත්තරකාරයින්ගේ භූමිකාවයි. බොහෝ දෙනා නිකම්ම නිකං වාර්තාකාරයින් විතරයි.

  3. So it was a dildo. Are sex toys illegal in Sri Lanka? Condoms aren’t. Lubricant isn’t. Why should dildos be?

    It’s sad that our society accepts the Police being able to trample on individuals’ rights to do whatever they wish in the privacy of their own homes.

    Why hasn’t any of our human rights “champions” take up this man’s case?

  4. කලා නිර්මාණයක් තේරුම් ගන්න පුඵවන් පොලිස්කාරයෙක් ලංකාවෙන්නම් හොයනව බොරු. නිර්මාණයක් පිළිගන්න බැරිනම් ඒ නිර්මාණයට හේතුපාදක වු දේත් නොපිලිගත යුතුයි. එබැවින් මෙම නිර්මාණ විතරක් නෙවෙයි ඊට හේතු පාදක වු සත්‍යදේත් විනාශ කිරීම පොලිසිය තම තමන්ගෙන්ම පටන් ගන්නව නම් හොඳයි.

  5. ඔබලා සියළු දෙනාම නොදන්නා කාරනය නම් මේක වසර 2500කටත් වැඩි ඉතිහාසයක් ඇති, සදාචාර සම්පන්න, ධර්ම රාජ්‍යයක් බවයි.

    මේකේ ජීවත්විය යුත්තේ ඔය ඉතිහාසයට, සදාචාරයට, ධර්මයට ගැළපෙන විදියට ජීවත්විය යුතු අය පමණි.

    😀

    මේ රට හදන්න නං ඉතිං ඉන්න හැමෝම නාකි ටික සමූල ඝාතනේ කරලා ඉන්න ඕන!

  6. මම නම් ඒකේ කිසිම වැරැද්දක් දකින්නේ නෑ. ලිංගික තෘප්තිය හොයාගෙන නොදන්න පිරිමි ඇසුරු කරලා ලෝකේ නැති ලෙඩ හදාගන්නවාට වඩා හොඳයි ඒ අයට ඒ වගේ උපකරණයක් භාවිතාකරන එක. අනිත් එක එහෙම වුනොත් සමාජයේ ගැරහුම් ලබන්නත් වෙනවා ඒ අයට. ඉතින් මොකද්ද හොඳ ක්‍රමය කියලා ඕනම 8 පාස් වුන එකෙකුට තේරෙනවා.

    එකම ප්‍රශ්නය තියෙන්නේ අපේ අයට කවුරුහරි දියුණුවෙනවාට කැමති නැති එක. අනිත් එක 8 පාස්වෙලාවත් නැති පොලිස් මහත්තුරුන්ට ඕක නිකන් උණු කැවුම් වගේ සිද්ධියක් ‍නේ. මෝඩ හරක්.

  7. සමහර විට පොලීසියෙ අය ඇඟිලිත් කපන්න පටන් ගනියිද දන්නෙ නෑ…

    ඒ කොහොම වුනත්, ඔහොම කරන අයම සමහර වෙලාවට කොහේ හරි ගහක හරි මුලක හරි අහවල් එකක් වගේ යමක් මතු වෙලා තිබුනහම වැල නොකැඩී අන්ධ භක්තියෙන් ඒකට වඳින්න පුදන්න යන අපේ බැතිමතුන්ට ආරක්ෂාව පවා දෙන්න පෙලඹෙනවා… මේ සියල්ල තීරණය වෙන්නේ රටේ තියෙන නීති රීති මත නෙවෙයි. අදාල චූදිතයා කොතරම් බලසම්පන්න කෙනෙක් ද කියන එක මතයි… මැම්බර් මහත්තයෙක් එහෙම ලාවට අඳුරනවානම්, ආකෘති නෙවෙයි, සැබෑ ඒවා වුනත් විකුණන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. 🙂

  8. මටනම් මේක බෙහොම විහිලුවක් වගේ පේන්නේ.ඒ නිර්මාණකරුවා ගැන නම් නෙමෙයි.අපේ රටේ පොලිසිය ගැන.දැනුත් හිනා එනවා නදී.ඇයි මේ පොලිසිය එයාලා ගාව තියන සැබෑ ඒවට දඩ ගහන්නේ නැත්තෙ.අප්‍රාණික දේකට වඩා සප්‍රාණික දෙයක් නේ වඩාත්ම ක්‍රියාකාරි වෙන්නේ?

  9. Monday, July 5, 2010
    Police in Sri Lanka – පොලිසියට බාගෙට ආචාරියාට හොදටම
    පොලිසියට බාගෙට ආචාරියාට හොදටම

    ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇති කළේ සාමය ආරක්ෂා කරන්නටය. මෙරට විතරක් නොවේ. වෙන ඕනෑම රටකත් එහෙමය. ටී පනස් හයක් අරගෙන මහජනතාව මහා අපරාධකාරයන් හැටියට දකිමින් රවමින් – ඔරවමින් යන පොලිස් සේවාවක් ඇත්තේ වත්මන් සිරි ලංකාවේ පමණකි. අතීතයේ අපට විනීත විනය ගරුක සේවාවක් තිබුණි. ඒ පොලිස් නිලධාරියා ගමේ අපටනම් රාළහාමිය. කොට කලිසමක් හැද බැටන් පොල්ලක් ද අතින් ගෙන බයිසිකලය තල්ලූ කරගෙන එන රාළහාමි ගමට අමුත්තෙකි. එපමණක් ද ඉතා කලාතුරකින් හොරකමක් මංකොල්ලයක් සිදුවු අතර මේ එන රාළහාමි ඒ සියල්ල හොයා බලා වරදකරු විලංගු දාන්නටත් සමත්වූවා නොවේද?

    දැන් කලිසම දිග් වී අතට ටී පනස් හයකුත් ලැබී ඇත. යන්නෙ එන්නේ සයිරන් වැදෙන කාර් වලින් හෝ වැඩි බලයක් ඇති යතුරු පැදි වලිනි. එහෙම නමුත් හොරකමක් ඇල්ලූ දවසක් නැත. සුලූ හොරකමක් නම් අවාසිය විදගෙන හිත හදාගැනීම මැනවි.

    මේ පොලිසියේ මෑතක සිට විත්තිකරුවන් සිරමැදිරියේ එල්ලී මියයයි. එල්ලා පහරදී හුස්ම අල්ලා ගන්න බැරිවෙනවිට තමුන්ගේම සරමෙන් එල්ලා දැමූ බව කටක් ඇර කියන්නේ මැරී ඇති මොන මිනිහා ද?

    එයටත් වඩා හාස්ය ය නම් සැකකරු – සගවන ලද හොරකම් කරන ලද බඩු භාණ්ඩ හොයා දෙන මුවාවෙන් අතරමගදී පොලිසියට සමග වෙඩි හුවමාරුවකින් පසු වෙඩි කා මිය යාමයි. හොදටම ගුටි කා හෙම්බත්වී සිටින පොලිස් සිරමැදිරියේ මිනිහා අතරමගදී මාරාවේශයෙන් සාජන් මහත්තයාගේ තුවක්කුව උදුරාගෙන මහා වීරයෙක් වෙන්නට හැදීම අරුම පුදුමය.

    මේ නිසා කුඩු කාරයාගේ සිට වාහන දඩ මුදලක සිද්දියකට සම්බන්ධ පුද්ගලයෙක් පවා පොලිසියට ගොඩ වෙන්නේ ඉස්සර සිරිපාදේ ගිය ආකාරයටය. එනම් තමුන්ගේ දේපොල පවරා අන්තිම කැමති පත්තරයත් ලියා නීතීඥයෙකුට බාර දීමෙන් පසුවය.

    ලූනාව පමණක් නොව මෑතකදී කොට්ටාවෙන් ද සිදුවූ අමිහිරි සිද්ධි – පොලිස් සේවයේ නුගුණ පමණක් දකින අපට ඇහැට ඇගිල්ලෙන් ඇන පෙන්නූ කණගාටුදායක සිදුවීමිය. මේවා ගැන මාධ්ය් හා විද්වත් මිනිසුන් මහ හඩින් කතාකර පෙන්වා දුන්නත් කිසිවෙක් කිසිම හා හූ වක් නැගුවේ නැත.

    වාසනාවකට පොලිස්පති ආචාර්ය උපාධියකට හිමිකම් කීවේය. ඉගෙන ගන්නට ගිය ගමන් ඉදිරිපත්කළ ආචාර්ය නිබන්ධනයට රුසියාවෙන් උපාධියක් දී ඇත. දැන් එතුමා කතා කරන්නට පටන්ගෙන තිබේ.

    මට්ටක්කුලියේ කුඩු කාරයෙක් අල්ලාගෙන ඇත. මේ කුඩු කාරයා ඇල්ලීම ගැන ආරුලූ බූරුලූ ආණ්ඩුවේ විතරක් නොව පුද්ගලික අංශයේ රුපවාහිනී නාලිකා සියල්ලම පරලූ කාශ කර ඇති බැවින් පසුබිම අවශ්යශ නැත. දැන් ආචාර්ය පොලිස්පති කියන්නේ මේ කුඩු කාරයා ගෙදරදීම අත කපාගෙන ගිය හෙයින් පොලිසිය විසින් රෝහල් ගත කරන ලද බවයි. එපමක් නොවේ උන්නැහේ රාත්තිරියේ සිට අලූයම දක්වා එහි ගැවසී ඇත. මේ නිසා පොලිසිය විසින් මට්ටක්කුලියේ ගෙවල් වලට පහර දී අලාභානි කර නැත. මට්ටක්කුලියේ දුප්පතුන් විසින්ම තමන් අමාරුවෙන් හදා ගත් ගෙවල් වල වීදුරු හා වටිනා කියන දේ පොඩි කරගෙන තිබේ. ඒ පොලිසිය අපකීර්තියට පත් කරන්නටය.

    අනේ අප්පච්චියේ මෙහෙම ආචාර්යවරු. එලිවෙනකම් හිටි මිනිහාට මේ ගෙවල්වල වීදුරු පොඩිකරගන්නා සද්දය ඇහුණේ නැද්ද? ඇහුණා නම් එළියට ඇවිත් තමුන්ගේ සනුහරයට විරුද්ධව මට්ටක්කුලියේ මහා කුමන්තරුණ ණයක් වන බව දැන ගන්න තිබුණා නේද?

    පොලිසියකුත් නොවෙන පොලිස් පෝස්ට් එකක කුඩු කාරයෙකුගේ පලහිලව්ව අවසන් වූයේ තුන්සියයක් පමණ පිරිසක් ගෝනි බිල්ලන්ට පෙන්වමිනි.

    පරසන ජාතන්තරසියවාදී රටක ගෝනි බිලි සංදර්ශන පවත්වන්නට ඉඩ දෙන්නේ අහිමිවෙන ජී එස් පී දිනා ගැනීමේ පරම චේතනාවෙන් විය යුතුය.

    එහෙම නැතිනම් ගම් පිටින් පිට්ටනියට දක්කා සැකකාරයන් හොයන්නට පොලිසියට බලතල දුන්නේ කවුද? එහෙම අදුනාගත් සැකකරුවන් පොලිස් බස් එකකින් රෙදි වැරහැලි වලින් වසා මහේස්තරාෙම ත් හමුවට ගෙන ගියේ හදුනාගැනීමේ පෙරෙට්ටුවකටලූ. අනේ කාට කියන්නද?

    ඉස්සර කාලේ කතාවට අනුව නම් ආචාරියා හිටගෙන හුජ්ජ කරනවිට ගෝලයා කරන්නේ දුවා දුවාය. දන් කාලයේ දුව- දුවා කරන දේ හත් පොලේ ගාගන්න මෙහෙම ආචාරියා ලා සාමය ආරක්ෂා කරනවාද නැත්නම් තමුන්ම සායම ඇරගන්නවාදැයි පරික්ෂා කර බැලීම රටේ නායකයන්ගේ වැඩකි.

    මහොෂධ

kathandarakaraya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න