දවසක් පැල නැති හේනේ

මේ දවස්වල ලංකාවට මදි නොකියන්න වහිනවනෙ. වැස්ස එපාවෙලා ඇති සමහරුන්ට. වැස්සත් එක්ක බැඳුනු සිංහල ගීත ගණනාවක්ම තියෙනවා.

ඒත් ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන “දවසක් පැල නැති හේනේ” ගීතය කියන්නෙ වැස්ස ගැන නෙවෙයි. අම්මා ගැන ලියැවුණු සිංහල ගී අතරින් මුල් තැනක් හිමි කරගන්නා මේ ගීතය රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ නිර්මාණයක්.

දෑසට කඳුලු බිඳු නංවන්නට සමත් මේ ගීතයේ මුල් කොටසින් කියන්නේ මුවාවෙන්න ගසක්වත් නැති හේනකදි අකාලයේ වැටුන වැස්සෙන් තමන්ගෙ පුතා නොතෙමා තියාගන්න ඔහුව තුරුළු කරන් ඒ අම්මා තෙමුන හැටි.

අපේ අම්මලා එහෙමයි. තමන් ගැන නොසිතා, තමන් තෙමුනත් දරුවන්ව වැස්සට නොතෙමා ඉන්න තරම් අපේ අම්මලා අපිට ආදරෙයි. ඒ ගැන කවි, ගීත කොච්චර ලිව්වත් මදි. ඒ ආදරේ ගැන කියන්න, ලියන්න වචන මදි.

ලංකාවෙ අම්මලා එහෙම වුනාට, ඇමරිකාවෙ අම්මා කෙනෙක් වැස්ස වෙලාවකදි කළ වැඩක් කියන්නම්. මම දැනට ඉන්නෙ ඇමරිකාවෙ පොඩි නගරෙක කියලා කලින් කියලා ඇති. දවසක්දා මේ නගරය මැදින් බස් එකක යද්දි දුටු සිදුවීමක් මේ.

එදා පොඩි වැස්සක් තිබුනා. මොරසූරන වැස්සක් නෙවෙයි, ඒත් පොදයකුත් නෙවෙයි. මේ වැස්ස මැදින් පවුලක්, ඒ කියන්නෙ අම්මයි, තාත්තයි, අවුරුදු 4-5 ක විතර පුතෙකුයි පයින් යනවා. ඉස්සරහින් අම්මා යනවා හොඳට කුඩයක් ඉහලගෙන. පිටිපස්සෙන් පුතා එනවා වැස්සෙ තෙමි-තෙමි. කොල්ලා වැස්සෙ තෙමෙන්න ආසාවෙ තෙමුනා කියලා කියන්නත් බැරි, පාර අයිනෙ තියන කඩ වල පියැසි තියෙනවානම් ඒවා යටින් තමා එන්නෙ නොතෙමෙන්න.  ඔළුවට අතකුත් තියාගෙනයි යන්නෙ. තාත්තා අන්තිමට එනවා තෙමි-තෙමි පුතා වගේම.

‘දවසක් පැල නැති හේනේ’දි ඒ අම්මා පුතාව තුරුළු කරන් තමන් තෙමුනත්, මේ අම්මා පුතාට තෙමෙන්න කියලා තමන් නොතෙමි, කුඩයක් ඉහලගෙන යනවා.

ඒ පුතා ලොකුවුන දවසට (සිංහල දන්නවානම් සහ ගීත රචකයෙක් වුනොත්) ලියාවි ගීතයක්

“දවසක්දා මහ පාරේ
අකාල පොඩි වැහි වැස්සා
කුඩයක් ඉහලාගෙන නුඹ යන්න ගියා අම්මේ
වැස්සේ තෙමි-තෙමි පස්සෙන් ආවා මම අම්මේ” කියලා.

ප.ලි.

ලංකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ම පුතාව තුරුළු කරන් තෙමෙන අම්මලා නෙවෙයි. ඇමරිකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ම පුතාව තෙමෙන්න ඇරලා තමන් කුඩ ඉහලගෙන යන අම්මලාත් නෙවෙයි.

ඇමරිකාවෙ ඒ අම්මා කුඩයක් ඉහලන් නොතෙමි යන්න හේතුවක් තියෙන්න ඇති. පුතා තෙමි-තෙමි යන්නත් හේතුවක් තියෙන්න ඇති. (ඒ හේතු සාධාරණ හේතු වෙන්නත් ඉඩ තියනවා.)

පින්තූරෙ ගත්තෙ මෙතැනින්.

Advertisements

7 thoughts on “දවසක් පැල නැති හේනේ”

  1. පොද ගහන වෙලාවක දුවන්න පනින්න පුලුවන් ලමයෙක් කුඩේ යට තියාගෙන යනවා කියන්නේ එලුවෙක් කුඩයක් යට තියාගෙන යනවා වාගේ වැඩක්. ඌට වතුරටමයී පනින්න ඕනෑ.

  2. ඒ ඉස්සර, රං බන්ඩගේ කාලේ….
    දැන් ළමයි වැඩි වෙලා ගඟට දානව. විකුණනවා. කුණු ගොඩේ දාලා යනව.
    එහෙම බැලුවම ඇමරිකාව හොඳයි…
    නැත්ද ආයූබෝවන්ඩ මම කියන්නේ………

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )