නෂ්ට නිමිත්ත – The Lost Symbol

හුඟක් දෙනා The Da Vinci Code, Angels & Demons චිත්‍රපටි බලලා ඇති. සමහරු ඒ චිත්‍රපටිවලට පාදකවූ නවකථා කියවලත් ඇති. ඒ නවකථාවල කතෘ වන ඩෑන් බ්‍රවුන් (Dan Brown) ගේ අලුත්ම නවකථාව The Lost Symbol. Angels & Demons සහ The Da Vinci Code කථා දෙකේ ප්‍රධාන චරිතය වන රොබට් ලැංග්ඩන්ගෙ (Robert Langdon) තවත් අත්දැකීමක් වටා තමා The Lost Symbol කථාවත් දිවෙන්නෙ.

Angels & Demons පොතෙන් හඳුන්වාදුන්න රොබට් ලැංග්ඩන්  එක් රැයක් පුරා වතිකානුව සහ රෝම නගරයය වටේ කතුවරයා ගෙනියන්නෙ විටෝරියා වෙට්‍රා (Vittoria Vetra) නම් විද්‍යාඥවරිය සමඟයි. The Da Vinci Code පොතේදි රොබට් ලැංග්ඩන් එක් දවසකදී පැරිස් සහ ලන්ඩන් නුවරවල සවාරියේ යෙදෙන්නෙ සොෆී නෙවීයු (Sofie Neveu) නම් තරුණිය සමඟයි. ඒ හා සමානව මෙවර ලැංග්ඩන් ඇමරිකාවෙ අගනුවර වන වොෂින්ටන් ඩී.සී. නුවර පුරා එක් රැයක් මුළුල්ලේ ගමන් කරනවා. ඔහුත් සමඟ කැතරින් සොලමන් (Katherine Solomon) නම් විද්‍යාඥවරිය මේ සවාරියට එක් වෙනවා.

මේ කථා තුනේම ලැංග්ඩන් සමඟ ගමන් කරන කාන්තාවන් කථාව මුලදී විපතට පත් චරිතයක බොහොම ලඟ නෑයෙක්. විටෝරියාගෙ (හදාගත්) තාත්තා Angels and Demons කථාව මුලදිම මිය යනවා. සොෆීගෙ සීයා The Da Vinci Code මුලදි කථාව මුලදි මිය යනවා. කැතරින්ගේ අයියා The Lost Symbol කථාව මුලදි පැහැරගන්නවා.

ඩෑන් බ්‍රවුන් රොබට් ලැංග්ඩන්ගෙ චරිතය වටා ලියූ පොත් තුනම යම් රහස් සංවිධාන වල සත්‍ය සංකේත, චාරිත්‍ර පදනම් කරගෙන ගොඩ නැඟී තිබෙනවා. Angels & Demons පොතේදි Illuminati නම් සංවිධානයත්, The Da Vinci Code පොතේදි Opus Dei සහ Priory of Sion යන සංවිධානත්, The Lost Symbol පොතේදි Freemasons නම් සංවිධානයත් පදනම් වෙනවා. මේ ඇතැම් සංවිධාන ප්‍රසිද්ධව පැවතුනත්, ඒවායේ  විවිධ රහස් ඇති බවයි සැලකෙන්නේ.

ලැංග්ඩන්ගේ සමීප මිතුරෙක් මෙන්ම උපදේශකයෙක් වන පීටර් සොලමන් (Peter Solomon) සොයා වොෂින්ටන් ඩී.සී. නුවර පුරා කරන ත්‍රාසජනක සවාරිය පොතෙන් කියැවෙනවා. ඔහුට නෂ්ට නිමිත්ත කුමක්දැයි සොයන්නටද සිදුවෙනවා.

මේ පොත් ත්‍රිත්වයෙන් මුල් පොත් දෙකේ තිබූ රසවත් බව මේ පොතේ අඩුවී ඇති බවයි මට හැඟුනේ. මුල්ම පොත වූ Angels & Demons හි තිබූ රසවත් බව නොඅඩුව තබාගන්නට The Da Vinci Code සමත් වුනත්, The Lost Symbol අවසානයේ බයිබලය, මනස සහ විද්‍යාව සම්බන්ධ කරන්නට ඩෑන් බ්‍රවුන් උත්සාහ ගැනීම නිසා එහි ත්‍රාසජනක සහ අභිරහස් බව දුරස්වී තිබෙන බවයි මට වැටහුනේ. බුද්ධ ධර්මයේ සිත ගැන ඇති විස්තර ප්‍රමාණය නොදත්තෙකුටනම් ඩෑන් බ්‍රවුන් කියනා හරුප සත්‍ය විය හැකි වුනත්, බුදුදහම යම් පමණකට හෝ ඉගෙනගත්තෙකුට ඩෑන් බ්‍රවුන් බයිබලය ගැන කියන්නට උත්සාහ කරනා දේ පුරසාරම් පමණක් බවයි වැටහෙන්නේ. අන්න ඒ නිසා පොතේ අවසානය සාර්ථක නැතැයි කියා මට හිතෙනවා.

නමුත් සමස්තයක් විදියට ගත්තහම The Lost Symbol අභිරහස්, ත්‍රාසජනක සිදුවීම්, කථාවේ පෙරළි (twist) නොඅඩුව තියෙන එක දිගටම කියවගෙන යන්න ආස හිතෙන පොතක් බව පිළිගන්න ඕනෙ. ඒ වගේම මුල් නිර්මාණ දෙක වගේම (අපි නොදැනුවත්) සංකේත, කලා නිර්මාණ ගැන වෙනත් ඇසකින් බලන්න පොලඹවන්න මේ පොතත් සමත් වෙනවා.

The Da Vinci Code, Angels & Demons චිත්‍රපටි ආසාවෙන් බැලුවානම් ඒ නමින්ම ඇති පොත් දෙකත් කියවලා බලන්න. The Lost Symbol පොතත් කියවලාම රස විඳින්නකෝ.

Advertisements

“නෂ්ට නිමිත්ත – The Lost Symbol” වෙත සිතුවිලි 6ක්

    1. මම ඉස්කෝලේ ඉන්නා කාලේ 2007 හෝ 2008 මේ පොත යාළුවෙක් ගෙනාවා. මම හිතන්නේ පොත ලංකාවේ තියෙනවා. film එක පෙන්නන එක විතරයි ලංකාවේ තහනම් වුණේ. ඒක නිසාම film එක ලංකාවේ අය මාර උනන්දුවකින් හොයාගෙන බැලුවේ.

        1. ඒක හරි අයියා. පොත පුස්තකාලයකින් හොයා ගන්න එක තමා හොඳ. පොත සල්ලිවලට ගන්න ගියොත් ගාණ රුපියල් 1000 පනී. ඒ දවස්වලත් ඒකේ ගාණ ඒ වගේ මට මතක විදිහට.

          එක්කෝ internet එකෙන් download කරන් බැලුවත් හරි නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )