ඇමරිකාවෙ ක්‍රිකට් 2

ඇමරිකාවෙ පවත්වපු පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය වන, ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඊයෙ නවසීලන්තයත් එක්ක තිබ්බ තරඟෙ පරාද වුනානෙ. අද තරඟෙවත් තලාගන්න ලැබේවා කියලා කළ ප්‍රාර්ථනය ඉටු වුනා ඔන්න. අපේ කණ්ඩායමට ඒ ගැන සුභපැතුම්. පරදිනකොට බනින්න වගේම දිනනකොට හොඳ කියන්නත් අමතක කරන්න හොඳ නෑනෙ.

අපේ පන්දු යවන්නො අද බොහොම හොඳට පන්දු යැව්ව. ඒකට තණ තීරුවත් උදවු උනා මගෙ හිතේ. මොනවා උනත් නුවන් කුලසේකර යවපු පළවෙනි පන්දු වාරයයි, මාලිංග යවපු අන්තිම පන්දු දෙකයි මරු. අද ටිකක් හරි වැදුනෙ අපේ ගරු (සුද්දො කියන විදියට ‘මටාරා’ දිස්ත්‍රික්කයේ) පා.ම. සනා ට විතරයි. (දේශපාලනේට ආවහම බැනුම්ම තමා, නේද සනා?. “ඔන්න මම ඉන්නකොට මැච් දිනනහැටි දැක්කනේ?” කියල අහන්නත් බැරි නෑ දැන්.)

බෝලෙ උඩ එන්නෙ නැති තණ තීරුවක බොහොම ඉවසිල්ලෙන් දිල්ෂාන් ගැහුවා මදෑ. මහේල පොඩ්ඩක් ඉක්මන් වුනා. සංග නම් සුපුරුදු කලබලය නිසා යන්න ගියා. (අම්මපා නායකයා උනාම පොඩ්ඩක් සංවර ගතියක් තියෙන්නෙ එපායැ, නේද? මූ ඔක්කොටම හපන්! බොගක් චාජ් වෙලා වගේ අන්තිමට ඉක්මනට ඉවර කරන්න ඕනැ වුනෙ!) නවක ක්‍රීඩකයෙක් වුනත්, ගහෙන් ගෙඩි එන්න වගේ පිතිකරු ලයිස්තුවෙ ඉහලට එවපු තිසර පෙරේරා මරු පාරවල් ටිකක් ගැහුවා. අපේ රටේ ක්‍රිකට් අනාගතය ඔපවත් කරන්න ඒ වගේ ක්‍රීඩකයන්ට ඉස්සරහට එන්න දෙන්න ඕනෙ.

අපේ නායකයා හදිස්සි උනාට, නවසීලන්තෙ නායකයාගෙ පන්දු යැවීමයි, පන්දුවට පහරදීමයි බොහොම පරිණත ක්‍රීඩකයෙක්ගෙ ගති ලක්ෂණ පෙන්නුම් කළා. අද වගේම ඊයෙ තරඟෙදිත් දක්ෂතා පෙන්නපු නිසා ඩැනී විටෝරිට තරඟාවලියේ ක්‍රීඩකයා සම්මානය ලැබුනා. දින්නත්, පැරදුනත් සංවර විදියට හැසිරෙන එක නායකයෙගෙ ලක්ෂණයක් වෙන්න ඕනැනෙ.

ජ්‍යේෂ්ඨයන් විවේක ගන්වා නවකයින්ට තැනදී තිබෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ වලදි පැවැත්වෙන තුන්-කොන් තරඟාවලියෙදිත්, අපේ කණ්ඩායමට හොඳට ක්‍රීඩා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු!

Advertisements

3 thoughts on “ඇමරිකාවෙ ක්‍රිකට් 2”

  1. පළවෙනි මැච් එක පරදින්නයි, දෙවෙනි එක දිනන්නයි හේතුව සනත් නෙවේ බං.

    පළවෙනි එක තිබ්බේ යක්කු ගස් නගින ටයිම් එක පහුවෙලා ටිකක් වෙලාව ගිහිල්ලා හින්දා මට ඒක බලන්න උනේ නෑ, ඊයෙ එක නං බැලුවා.

    ඉතිං මම බලපු නිසා ඊයෙ එක දිනුවා, මම බලපු නැති නිසා කලිං එක දිනුවෙ නෑ! 😀

    1. ඇත්ත තමා.. හැබැයි ඔබතුමා විතරක් නෙවේ,  දුර කතර ගෙවාගෙන, සල්ලිත් දීගෙන, කාලෙත් කාගෙන මැච් බලන්න ගිය ඇමරිකාවෙ (ඉන්න ලංකාවෙ) කට්ටියක් ඊයෙ මැච් එක බලපු නිසා ඒක පරාද වුනා. ඒ අය මැච් එක නොබලා අද ගෙදර එන්න පිටත් වුන නිසා (සහ අඩුම ගානෙ ස්කෝර් එකවත් අහන්න/ දැනගන්න බැරි වුන නිසා) මැච් එක දින්නා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )