කොපර්නිකස් වීරයෙක්ලු

නිකලස් කොපර්නිකස් නූතන විද්‍යාවේ ගමන් මඟ වෙනස් කළ පුද්ගලයෙක් ලෙස පැවසෙනවා. (එහෙම කියන්නෙ කවුද කියලත් දැනගෙන ඉන්න ඕනෙ.) තාරකා විද්‍යාවේ අතීතය ගැන කථා කරද්දි කොපර්නිකස් ගැන නිසැකයෙන්ම සඳහන් වෙනවා. වසර දෙදහසක් පමණ පිළිගෙන තිබූ පෘථිවි කේන්ද්‍රවාදී ආකෘතිය පසෙකට දමා සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය කොපර්නිකස්ට පුද කරනවා.

ඒ මොනවා වුනත් අවුරුදු 500 කට ඉස්සර කොපර්නිකස් මළාම වල දැම්මෙ ‘මිථ්‍යාමතිකයා’ කියලා පල්ලියෙන් පට්ටමකුත් පටබැඳලා, නමවත් නොගහපු සොහොනක. හැබැයි කොපර්නිකස් ජීවත්ව ඉඳිද්දිනම් පල්ලියෙන් කරදරයක් උනෙ නෑ කියනවනෙ. කොපර්නිකස් පූජකයෙක් වීමත්, සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරමින් ඔහු ලියූ නිබන්ධනය වන On the Revolutions of the Heavenly Spheres පලකෙරුනේ ඔහුගේ මරණින් පස්සෙ වීමත් ඒකට හේතු වෙන්න ඇති. ඒ පොත 1835 වෙනකම්ම වතිකානුවේ ‘තහනම්’ පොත් ලැයිස්තුවට අයිති වෙලා තිබ්බලුනේ. කොපර්නිකස් වගේම ගැලීලියෝත් ලියපු පොත් ‘තහනම්’ ලැයිස්තුවව ඇතුලත් වුනේ ඒවා ඉහල පෙලැන්තියට විතරක් කියවන්න ලතින් භාෂාවෙන් නොලියා, ‘ගොඩේ භාෂාවෙන්’ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න ලියපු නිසා කියනවනෙ.

මීට අවුරුදු ගාණකට කලින් පෝලන්තෙ ෆ්‍රොම්බෝක් ආසන දෙව් මැදුරේ යට නමවත් නොගහපු සොහොනකින් කොපර්නිකස්ගේ ඇටකටු හොයාගෙන තිබුනනේ. ඒවා කොපර්නිකස්ගෙමයි කියලා තහවුරු කරගෙන තියෙන්නෙ කොපර්නිකස් ලියපු පොතක් අස්සෙ තිබ්බ ඔහුගෙ (කියලා හිතන) කෙස් ගසකුයි, සොහොනෙන් සොයාගත්ත ඇටකටුයි DNA පරීක්ෂණයකට ලක් කරලයි.

කොපර්නිකස් මළාට පස්සෙ ඔහුගේ නම කැත කරපු එකට සමාව ගන්නදෝ මන්දා, පල්ලිය ඔහුගේ භෂ්මාවශේෂ  පෝලන්තයේ ෆ්‍රොම්බෝක් (Frombork) ආසන දෙව්මැදුර යටම වීරයෙක්ගේ ගෞරව පුදකරමින් චාරිත්‍රානුකූලව මෑතකදි නැවත වල දැම්මා. ගැලීලියෝට එල්ලකළ චෝදනා පල්ලියෙන් ඉවත් කරලා දශක දෙකක් වෙන්න එනකොට කොපර්නිකස්ව වීරයාගේ චරිතයට ඇන්දවීම විශේෂිතයි.

කොහොම නමුත් පහු වෙලා හරි ඒ පුද්ගලයන්ට නිසි ගෞරවය ලබා දීම අගය කළ යුතුයි.  කොපර්නිකස් ‘සූර්ය කේන්ද්‍රවාදය’ ඉදිරිපත් කිරීමේ පසුබිම් තොරතුරු වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු! කොපර්නිකස් දැනට වීරයා.!!

Advertisements

“කොපර්නිකස් වීරයෙක්ලු” වෙත සිතුවිලි 10ක්

  1. ඇත්ත අක්කෙ ඕව අපිට හොද පාඩම්…..

    “‘සූර්ය කේන්ද්‍රවාදය’ ඉදිරිපත් කිරීමේ පසුබිම් තොරතුරු වෙනත් ලිපියකින්” මේකත් ලියමු ඉක්මනටම

  2. කොහෙත් එකයි.
    කලකදි වහලු කලකදි රස වෙනව කියනවනෙ.
    තව අවුරුදු 20ක් විතර වෙනකොට ප්‍රභාකරන් වීරයෙක් වෙලා රජතුමා අනික් පිලට දාල තියෙන්නත් බැරිකමක් නෑ ඔහොම බලනකොට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )