යන්තරේ ලෙඩේ

ටික දවසකින් සිතුවිලි සටහන් කරන්න බැරි වුනෙ ජරමර ගණනාවක් සිද්ධ වුන නිසයි. කෝකටත් තෛලය වගේ තියන ලැප්ටොප් යන්තරේ ලෙඩ හොඳ කරන්න ඉස්පිරිතාලෙට යවන්න වුන එක තමා පළවෙනි ජරමරේ.

කාලෙක ඉඳන් මේ යන්තරේ පණගන්වද්දි ටිකක් පමාවෙන ලෙඩක් තිබුනා. ඕක හදාගන්න උවමනාව තිබුනත්, යන්තරේ වැඩ කරන නිසා එච්චර ගණන් ගන්නෙ නැතුව හිටියා. ඒත් ලඟදි මතක් වෙලා බලනකොට යන්තරේ වගකීම ජුනි මාසෙ ඉවර වෙනවා. ඊට කලින් ලෙඩ හොඳ කරගත්තොත් නොමිලේ, නැත්නම් සල්ලිනෙ!

කල් යල් බලලා ඔන්න යන්තර ඉස්පිරිතාලෙ පාරිභෝගික අංශයට ඇමතුමක් දුන්නා. උත්තර දුන්නෙ දඹයෙක්. (ඉන්දියන් කාරයෙක්.) හපොයි! උගෙ පාරිභෝගිකයන්ට සැලකිල්ල නම් අන්තිමයි! (උන් හිතන්නෙ උන් සියල්ල දත් එවුන් කියලනෙ!) පොර යන්තරේ BIOS අලුත් කරලා බලන්න කියලා මට යොමු අංකයකුත් (reference number) දුන්නා. මම ඒක ලියාගෙන තුන් පාරක්ම මම ලියාගෙන තියන එක හරිද කියලා ඇහුවා. පොරත් හරි කිව්වා.

ඔන්න ඉතින් BIOS අලුත් කළා කියමුකො. තාම පුරස්නෙ එහෙමමයි. ඉතින් ආයෙත් පාරක් ඉස්පිරිතාලෙට ඇමතුමක්. ඒ පාර කල්ලෙක්. (කථා කරන විදියෙන්ම කියන්න පුළුවන්). පොර ඉස්සෙල්ලා කථා කළ දඹයට වඩානම් ගොඩක් හොඳයි. කලින් කථා කළා කිව්වහම යොමු අංකය අහපි. මම ලියාගත්ත එක කිව්වහම එහෙම එකක් නෑලු. යන්තරේ අනු අංකය (serial number) ඇහුවා පොර. ඒක දුන්නහම  මෙන්න කියනවා මම ලියාගෙන තියන යොමු අංකය වැරදිලු. මට ඉතිං…අර දඹයට… කිව්ව කියල හිතාගනින් දඹයෝ! (ඇයි යකෝ, තුන් පාරක්ම  ඇහුවෙ මම ලියාගෙන තියන එක හරිද කියලා..) ඒ පාර යන්තම් හරි එක ලියාගත්තා. ඊට පස්සෙ අර කළු (හික්ස්, මම කළු කියන්න මම හරි සුද්දෙක් වගේ!) පොර කියපි අරක කරන්න, මේක කරන්න කියලා. පොර මේ කියන්නෙ Thinkpad වල තියන diagnostic tools ගැන. (කමකට නැති ඒ ටූල්ස් එක්කම ජනෙල් අයින් කරලා ගොඩක් කල්.) මම පොරට කිව්වා මම ලිනක්ස් පාවිච්චි කරන්නෙ කියලා. එතකොට පොරට කරන්න දේකුත් නෑ.

ඊට පස්සෙ යන්තරේ RAM ගලවලා ගහන්නලු! මට ඕන වෙලා තිබ්බෙ යන්තරේ ඉස්පිරිතාලෙට යවලා පූර්ණ රෝග පරීක්ෂණයක් කරගන්න. මූ තැපෑලෙන් බෙහෙත් දෙන්නයි හදන්නෙ. මම කිව්ව ගලවන්න බෑ, ඉස්කුරුප්පුවක ඔලුව ගෙවිලා කියලා. (ඇත්තටම එහෙම වෙලා තිබුනා, ඊට ඉස්සෙල්ල මම සැත්කමක් කරන්න ගිහින්.) එතකොට පොර කිව්ව එහෙනම් තැපෑලෙන් එවන්න පෙට්ටියක් එවන්නම් කියලා.

අනේ ඉතින් පහුවෙනිදම ආපු පෙට්ටියට පටවලා යන්තරේ ඉස්පිරිතාලෙට යැව්වා. මෙහෙ ඒ වගේ වැඩ හරිම ලේසියි. උස්සගෙන ඉස්පිරිතාල ගානෙ යන්නවත්, ඉස්පිරිතාල හොයන්නවත් ඕනෙ නෑ. වගකීම තියනවනම් නොමිලෙම ගෙදර ඉඳලා ඉස්පිරිතාලෙට තැපෑලෙන් (කුරියර් කරලා) යවන්න, එවන්න පුළුවන්. කොහොමහරි දවස් තුනකින් යන්තරේ ආපහු ආවා. (උදේ මම ගෙදර හිටියෙ නැති නිසා යන්තරේ දෙන්න බැරි වුන නිසා හවසත් ඇවිත් තමා තැපැල් මාමා පෙට්ටිය දීල ගියේ.)

සියළු රෝග නිවාරණය කරලා යන්තරේ ආයෙත් එවලා තිබ්බෙ උපන් ගමන් හිටි විදියට! යන්තරේ හාඩ් එකේ ලෙඩක් කියලා ඒක අලුතෙන් දාල, ගන්නකොට තිබ්බ වගේම ජනෙලුයි අර මෙලෝ රහක් නැති Thinkpad ටූල්ස් ගොඩයි එහෙමමයි. ඉතින් මොනවා කරන්නද? ඉස්පිරිතාලෙට ලෙඩා යැව්වනම් විඳෝපන් කොළුවො කීවලු. හොඳ වෙලාවට මම යවන්න ඉස්සෙල්ලා ඔක්කොම දත්ත ටික backup කරගත්තෙ. ඒ මදිවට motherboard එකත් අලුතෙන් දාලා. හොඳම වැඩේ කියන්නෙ අපේ පොඩි එකා යන්තරේට ගේම දීලා කඩල දාපු යතුරක් (key) තිබ්බ නිසා, අලුතෙන් යතුරු පුවරුවකුත් (key board) දාල එවල.

ඉතින් ජනෙල් වහලා, පරණ කරුම කෝලා වෙනුවට සුබෝධ (වල්) බළලා එක්ක ජීවත් වෙන්න යන්තරේ අටවගන්න එක තමා ඊලඟට කළ වැඩේ.

Advertisements

6 thoughts on “යන්තරේ ලෙඩේ”

  1. ඔයාට තැපෑලෙන් උපදෙස් හම්බුණා කිව්වාම මට කතාවක් මතක් වුනා අයියා.

    මනුස්සයෙක්ගේ ටීවී එක කැඩිලා ඉතින් එයා කම්පැණි එකට කෝල් කරලා ගැටලුව කිව්වලු. එතකොට ෆෝන් එකට උත්තර දීපු මනුස්සයා කිව්වලු. හරි සර් ඔයා මෙහෙම කරන්න කියල උපදෙස් දුන්නාලු.

    අන්තිමය ටීවී එක කැඩුණු මිනිහා ඇහුවාලු කම්පැණියේ බුවාගෙන් ඔයාලා මෙහෙම කරන එක ඔයාලට පාඩුයි නේද ? නැත්නම් ඉතින් මේ ටීවී එක ඔයාලා හැදුවා නම් ඔයාලට ගානක් හම්බෙනවානේ කියල.

    කම්පැණියේ බුවා කිව්වාලු. ඒක කමක් නැහැ සර්. අපිට පාරිභෝගික විශ්වාසේ තමා වටින්නේ කියලා.

    පස්සේ කම්පැණි බුවා එතන හිටිය තව එකෙක්ට කියනවාලු කොහොමද මගේ වැඩ. ඔය මනුස්සයාගේ ටීවී එකේ දැන් තියෙන ලෙඩේ හැදුවොත් රුපියල් 5000 ගන්න පුලුවන්.

    ඒත් දැන් ඔය යකා මම කියපු විදිහට කරන්න ගිහින් ඕක තව කඩාගත්තම අපිට ටීවී එක හදාලා රුපියල් 10,000 ක් විතර ගන්න පුලුවන් කියලා 🙂 🙂 🙂

  2. මගේ අම්මෝ මෙහෙමත් කස්ටමර් සර්විස්

    ගෙදර ඉඳලම තැපෑලෙන් යවලා දවස් 3න් ආපහුත් හම්බවෙලා! නොකියපු ලෙඩත් හදල දීල!

    හි හි. මෙහෙ කස්ටමර් සර්විස් එක්ක බැලුවම අහස පොළොවටත් වඩා දුරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )