666

666 කියන්නෙ බොහොම අපූරු ඉලක්කමක්. 1 ඉඳන් 36 දක්වා තියන නිඛිල සංඛ්‍යා (integers) වල එකතුව 666 යි. (1+2+3+..+35+36=666). 666 ‘බහුල ඉලක්කමක්’ (abundant number). ඒ වගේම 666 ත්‍රිකෝණ ඉලක්කමක් (triangular number). 666 විශේෂ නිඛිල සංඛ්‍යා ශ්‍රේණි කීපයකටම අයිති ඉලක්කමක්.

666 කියන්නෙ මෘගයගෙ , එහෙම නැත්නම් යක්ෂයගෙ (සාතන්ගෙ) ඉලක්කම (Number of the Beast) කියල සමහරු සලකනවා. ක්‍රිස්තියානි බයිබලයේ ගුප්ත විදියට 666 ඉලක්කම මෘගයා (the beast) නොහොත් යක්ෂයා නොහොත් සාතන්ට (Satan) සම්බන්ධ පුද්ගලයෙකුට (ඔහුට ප්‍රති-ජේසු (Antichrist) කියලත් කියනව) සම්බන්ධ ඉලක්කමක් විදියට පවසනවා. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රති-ජේසු සහ යක්ෂයා සංකේත කරන දෙයක් විදියට 666 සැලකෙනවා.

666 ඉලක්කමට සමහරු බයයි. ඒ ලෙඩේට කියන්නෙ හෙක්සකොසියොයිහෙක්සකොන්ටහෙක්සෆෝබියා (hexakosioihexekontahexaphobia) කියලයි. (කියන්න ගිහින් කට උළුක් උනොත් මට බනින්න නම් එපා, හරිද.) ක්‍රිස්තියානි විශ්වාසයට අමතරව තැතිගන්වන චිත්‍රපට (horror films) වලිනුත් 666 බියජනක ඉලක්කමක් බවට පත් කරල තියනවා.

ජනප්‍රිය සංස්කෘතියේ 666 ට හිමි තැනට හොඳම උදාහරණයක් තමා තැතිගන්වන චිත්‍රපටියක් වුන The Omen (නැවත නිෂ්පාදනය) 6-6-6 නොහොත් 2006 ජුනි 6 වෙනිදා නිකුත් වීම. ඒත් ඒ දිනය මටනම් වෙනස් විදියකින් වැදගත් දවසක්. ඒ මම විවාහ දිවියට එළඹුනේ එදා නිසයි.

නැකැත් විශ්වාස නොකරන සහ ඒවා අනුගමනය නොකරන මම බොහොම අමාරුවෙන් (එවකට වෙන්න බිරිඳ හැර) අනිත් අයවත්  කැමති කරගෙන (කැමති උනාද මන්දා, අකමැති නොවී හිටියා මදෑ), සාමාන්‍යයෙන් මංගල උත්සව නොගන්නා අඟහරුවාදා දවසක් වුන 6-6-6 අපේ මංගල්ලෙ ගත්තෙ ඒ දිනය අමතක නොවෙන දිනයක් නිසයි. (ඕක කවදා ගත්තහම මොකද. ගෑණියි මිනිහයි කැමතිනම් එච්චරයි.)

ඉතින් මේ අවුරුද්දෙ ජුනි 6 වෙනිදට අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු හතරක්. (දැන් දෙන්නා තුන්දෙනා වෙලානෙ.) පරක්කු වෙලා හරි සිතුවිලි සටහන් කළේ එදා වගේම අදත් මා සමඟ ඉන්න ආදරණීය බිරිඳට ගෞරව පිණිසයි. දිවි ගමනේ අඩක්ම මට නුදුරෙන් සිටි ඔබට එදා වගේම මම ආදරෙයි.

Advertisements

“666” වෙත සිතුවිලි 12ක්

  1. ප්‍රතිජේසු කියන්නෙ සාතන්ට දාව මිනිස් දුවකට ඉපදෙන්න ඉන්න පුත්‍රයට නේද?

    ඔය ඉලක්කම ගැන මමත් උනන්දු වුනේ ඔය සාතන් කතා වලින් තමයි.

    නිකන් ඉන්න ගමන් Iron Maiden සින්දුවත් අහන්න. The number of the beast .

  2. ප්‍රති ජේසු කියන්නේ එහෙමත් නැත්නම් අන්ත ක්‍රිස්තු, ඔය පිටස්තරයා කියලා තියෙන ජාතියේ කෙනෙක්ට තමයි. අවසානයේ එම පුදිගලයා තමන් ජේසුස් යයි පවසා ගන්නා අතර බොහෝ පුද්ගලයින් ඒ දෙසට හැරෙනවා කියලා සඳහන් වෙනවා. දැන් ඔය හතු පිපෙන්නා වගේ බිහි වන ආගමික නිකායන් වලින් ලබාදෙන නොයෙකුත් සමාජ පණිවුඩ මේ ප්‍රතිපල හා සම්බන්ධයි කියලත් බොහෝ අය විශ්වාස කරනවා.

    කෝක නමුත්, විවාහ සංවත්සරයට සුභ පැතුම්. හැමදාමත් දෙන්නට ජීවිත ගමන් මඟේ ඔය විදියටම එකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂

  3. ඔය ඉලක්කම දැකපු ගමන් මට මතක් වෙන්නේ ‘IRON MAIDEN: FLIGHT 666’ ලෝක චාරිකාව. මෙය රොක් සංගීත කණ්ඩායමක් විසින් පැවැත් වූ අති සාර්ථකම ප්‍රසංග මාලාවක් විදියටයි සැළකෙන්නේ.
    සුභ පැතුම් විවාහ සංවත්සරයට…!!!

  4. ඔය කතාවට වෙනස් කතාවක් ඩෑන් බ්‍රවුන් කියල තියෙනව නේද ? මට පොත නම් හරියටම මතක නැහැ. මම හිතන්නේ ඩාවින්සි කෝඩ් හරි ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් පොත හරි වෙන්න ඕන….

    ප:ලි:
    අමාරුවෙ වැටිල අවුරුදු හතරක් ගෙවුනට සුබ පැතුම්…. මන්ත්‍රී කෙනෙකුට වෙඩි තියලා අවුරුදු 4 ක් හිරේ ගියා නම් අද ඔයා නිදහස් මිනිහෙක් නේ….. (අනේ බිරින්දෑට කියන්න මම විහිළුවටයි කිව්වෙ කියලා, නැත්නම් උන්දෑ අන්තර්ජාලයෙන් මාව අන්තර්ග්‍රහණය කරයි.)

  5. හයසිය හැට හය කියල ඉස්සර ටෙලියකුත් තිබ්බා.

    කොහෙමා වුනත් නිඛිල ද, අර අංක ද, මේ අංක ද වගේ වචන ගොඩක් දාගෙන නදී කියපු කතාවෙන් මගේ හිත ගියේ මෙන්න මේ කොටසටයි.

    /* දිවි ගමනේ අඩක්ම මට නුදුරෙන් සිටි ඔබ */

    නදී 2002 දී මොරටුවේ ඉඳලා තියෙනවා, අර ක්ලාක් කාරයා චාන්සලර් කමෙන් පැන්ෂොන් ගිය දවස්වල.

    දැන් බැඳල අවුරුදු හතරයි. වයිෆරේ හිටියළු ජීවිතෙන් බාගයක් තමන් එක්ක.

    මේ ගණිත සූත්‍රය කොහොමද විසඳන්නේ?

    කෙල්ලව හමු වෙලා තියෙන්නේ අවුරුදු15 දී විතර වෙන්න ඕනෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )