ක්‍රිකට් හපනුන්ට වෙන සෙල්ලම් බැරි ඇයි?

ටෙස්ට් තත්ත්වය ලැබූ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණන සීමිත වුනත්, ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. ඒ රටවල් අතරින් ලංකාව ඇතුළු දකුණු ආසියා රටවල් ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වනවා. නමුත් එම රටවල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා හෝ වෙනත් ක්‍රීඩා වලින් එබඳු දස්කම් දැක්වීම අඩුයි. ඊට හේතුව කුමක්ද?

බොහෝ සඳහා ශරීරයේ ජවසම්පන්න බව මෙන්ම නිවැරදි තාක්ෂණික දැනුම හා පුහුණුව අවශ්‍යයි. එමෙන්ම ක්‍රීඩා උපකරණවල ගුණාත්මක තත්ත්වයත් නූතන තරඟකාරී රටාවේ ක්‍රීඩාවලට අත්‍යවශ්‍යයි.

ක්‍රිකට් ක්‍රීඩාවටද හොඳ ශාරීරික හැකියාවක් අත්‍යාවශ්‍යයි. එමෙන්ම තාක්ෂණයද වැදගත්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ක්‍රීඩකයන්ගේ හැකියාව මෙන්ම තවත් සාධක ගණනාවක් වැඩගත් වෙනවා. තණ නිල්ලේ ස්වභාවය, කාසියේ වාසිය, ක්‍රීඩා කරන වේලාව (දිවා/ රෑ තරඟ වලදී), කාලගුණික තත්ත්වය (වැස්ස, පින්න, අධික හිරු රශ්මිය), විනිසුරු තීරණ ආදී කාරණා ගණනාවක් ක්‍රිකට් තරඟයක ජය-පැරදුමට බලපානවා.

ඒ නිසා ක්‍රිකට් තරඟයක ජයග්‍රහණය ලබන්නේ සෑම විටම වැඩි දක්ෂතා ඇති කණ්ඩායමම නොවෙයි. වාසනාවද ක්‍රිකට් තරඟයකදී වැඩගත්. තරඟාවලිය පුරාවටම දස්කම් දැක්වූ කණ්ඩායම, අවසන් තරඟයේදී කාසියේ වාසිය අහිමි වීම නිසා තරඟ පැරදුන අවස්ථා ගණනාවක් ක්‍රිකට් ඉතිහාසයෙන් සොයාගත හැකියි. එමෙන්ම වැඩි දක්ෂතා දැක්වූ කණ්ඩායමක ජයග්‍රහණයට වැස්ස එරෙහි වූ අවශ්‍යතා එමටයි.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ශරීරයේ ජවසම්පන්න බව අතිශයින් වැදගත් නෑ. කුඩා ශරීරයක් ඇත්තෙකුට වුවද නිසි තාක්ෂණික හැකියාවක් ඇතිනම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය හැකියි.

සාපේක්ෂව කුඩා ශරීර හිමි දකුණු ආසියානුවන්ට, වාසනාව සහ වෙනත් බාහිර සාධක ගණනාවක් මත ජය-පැරදුම තීරණය වන ක්‍රිකට් බඳු ක්‍රීඩාවක දස්කම් දැක්වීමට හැකිවීම අරුමයක් නොවෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවට නෑකම් කියන බේස්බෝල් ක්‍රීඩාවට තණ නිල්ලේ ස්වභාවය හෝ කාසියේ වාසිය වැදගත් වන්නේ නෑ. ජාත්‍යන්තර බේස්බෝල් තරඟ වලදී දකුණු ආසියානුවන් දස්කම් දැක්වූ බව මා අසා නෑ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය බව නිසා එයට මුදල් ප්‍රතිපාදන නොඅඩුව තිබීමද, නිසි පුහුණු වැඩපිලිවෙලක් ස්ථාපිතව තිබීමද නිසා දක්ෂයන් ඉදිරියට ගෙන ඒමට දකුණු ආසියානු රටවලට හැකිව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන් සොයාගැනීමේ නිසි ක්‍රමවේද සහ වැඩපිළිවෙලවල් තිබීම නිසා ජාත්‍යන්තර තලයේදී තරඟකාරීව සිටීමට දකුණු ආසියානු රටවලට හැකිවී තිබෙනවා. එම කරුණු අගය කළ යුතුයි.

එම ආදර්ශය වෙනත් ක්‍රීඩා වලටද යොමුකළ හැකිනම්, හැකියාව වැඩිපුර අවශ්‍ය වන ක්‍රීඩා වලින්ද ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වීමට දකුණු ආසියානුවන්ට හැකි වනු ඇති.

Advertisements

7 thoughts on “ක්‍රිකට් හපනුන්ට වෙන සෙල්ලම් බැරි ඇයි?”

  1. අනිත් ක්‍රීඩා වලට සාපේක්ශව (චෙස් වගේ එවා හැරුන කොට ) ක්‍රිකට් වල්ට වැඩිපුර ඕන වෙන්නේ මොලේ සහ ඉවසීම
    කරුමෙට මෙහේ දේශපාඥයින්ට එවා නැති උනත් මිනිස්සුන්ට ඒව තිබුන නිසා ක්‍රිකට් නැගලා ගියා

  2. අනෙක් ක්‍රීඩාවලටත් කුඩම්මාගේ සැලකිලි නැතුව ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණොත් වර්ධනයක් දැකගන්න පුලුවන් වෙයි.

    ඒත් ක්‍රිකට්වලින් තරම් ගානක් අනික් ක්‍රිඩාවලින් නිලධාරීන්ට, පාලකයන්ට හොයා ගන්න නම් බැරිවෙයි…………

  3. foot ball ලෝක කුසලානය අපට අවුරුදු සිය ගණනක් දුරය.. ක්‍රීඩා සමාජ අමතක කර රට වෙනුවෙන් ක්‍රීඩා කලොත් Rugby ලෝක කුසලාන පිවිසුම නම් ඇත පොවන මානයේය.. ලෝක ශ්‍රේණිගත කිරීම් වල අපි තිස් ගණන් වලට පැමිණ දැන් වසර කීපයකි

  4. මෙය නම් සෑහෙන දුරට සත්‍යයක්. හැබැයි, ලංකාව ගත්තොත් ක්‍රිකට් විතරක් නෙවි රග්බි වලිනුත් ඉස්සරහින් ඉන්නවා. උදා හැටියට, 2007 Asian Championship Runners Up වීම ගන්න පුලුවන්. තවත් දක්ෂතා ඕන තරම්. පොඩි රටක් වෙලත් එච්චර ඉස්සරහින් ඉන්න එක අගය කරන්න ඕනේ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )