දිල්ලියේ හුටපටේ

ලංකාවෙන් පිටත් වෙලා ලෝක පොලීසියට ආපු ගමනෙදි මගෙ මුල්ම සංක්‍රාන්තිය (transit) තිබුනෙ අල්ලපු රටේ දිල්ලියෙ.

සාමාන්‍යයෙන් ගමන ආරම්භයෙදි අපේ ගමන් මළු ඔක්කොම (අතේ ගෙනියන ඒවා හැර) ගුවන් සේවයට භාර දෙන්න ඕනෙ බව ගුවන් ගමන් ගිහින් තියන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපිට අපේ ගමන් මළු ලැබෙන්නෙ ගමනාන්තයෙදි. (රටක් ඇතුලෙ ගුවන් ගමන් තියනවානම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්.) කොහොම හරි මගේ ගමන් මළු ටිකත් ඒ වගේ අවසන් ගුවන් තොටුපොලින් ගන්න පුළුවන් විදියට පරිගණක පද්ධතියට ඇතුල් කළා.

මමයි පුතයි

මම ඒ ගමන ආවෙ තනියෙන්ම නෙවෙයි. අවුරුද්දකට ටිකක් වැඩි පුංචි පුතත් එක්ක. දරුවෙක්ව අතේ වඩාගෙන යන්න අමාරු නිසා ළදරු කරත්තයක, තේරෙන භාෂාවෙන් කියනවා නම් ස්ට්‍රෝලර් (stroller) එකක දාගෙන තමා ගෙනිච්චෙ. මේ ස්ට්‍රෝලර් සාමාන්‍ය ගමන් මළු එක්ක භාර දෙන්නෙ නෑ. ගුවන් යානයට ගොඩවෙනකල්ම දරුවව ඒකෙ තියාගෙන ඉන්න ඉඩ දෙනවා. නැවතත් ඊලඟ ගුවන්තොටුපලේදි ගුවන් යානයේ දොරටුව ගාවටම ඒක ගෙනත් දෙනවා.

පළවෙනි පිස්සුව කෙළියෙ අපේ ජාතික ගුවන් සේවයෙන්. “මට හැම ගුවන් තොටුපලකදිම ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්න  ඕනෙ” කියලා පැහැදිලිව කිව්වත්, ඒක අනෙත් ගමන් මළු එක්ක ගමනාන්තයටම යවන්න පරිගණක පද්ධතියට ඇතුල් කරලා මට හරිම උදව්වක් කරන්න අපේ අය අමතක කළෙ නෑ. (ගුවන් තොටුපලේ පෝලිම් වල තියන් ඉඳලා පරක්කු කරන එක අමතක කරමුකෝ.)

ගුවන් යානය දිල්ලියට ආව කියමුකො. මමත් ඉතින් පොඩි එකාවත් අරන් (ගුවන් යානයෙන්) එලියට බැහැලා බැලුවා කෝ මගෙ ස්ට්‍රෝලර් එක කියලා. පේන තෙක් මානෙකවත් නෑ. “කමක් නෑ, ඕක ලැබෙන්නෙ නැතෑ” කියල හිතාගෙන ගුවන් යානයෙ ඉඳන් ගුවන් තොටුපොලට ඇවිදගෙන එනකොට මෙන්න දොරටුව ගාව ඉන්නවා බෝඩ් ලෑලි එල්ලගෙන කීප දෙනෙක්. නෑ, නෑ.. හිඟන්නො නෙවෙයි. ඒ ගුවන් තොටුපොලේ සේවකයො. ඒ ගුවන් යානයෙ ආපු සමහර මඟීන්ගෙ නම් තමයි බෝඩ් ලෑලි වල ලියලා තිබුනෙ. බලනකොට මගෙ නමත් තියනවා.

මට බයත් හිතුනා මගෙ මල්ලක හොර බඩුවක්වත් තිබිල අහු වුනාද දන්නෙ නෑ කියලා. (එහෙම දෙයක් දැනුවත්ව නම් ගෙනාවෙ නෑ. ඒත් කියන්න බෑනෙ.) කොහොමහරි මමත් ඇතුළුව තව කීප දෙනෙක් එතැන නැවතුනා. මම එතැන හිටපු නිලධාරිණියකගෙන් ඇහුවා මගෙ ස්ට්‍රෝලර් එක ගැන. හරි උත්තරයක් දෙන්න එයාට පුළුවන් වුනෙ නෑ. ඒක මට ලැබෙන්න සලස්සන්නම් කියලා තමා කිව්වෙ.

ගුවන් ගමනකදි එක් ගුවන් යානයකින් තවත් එකකට මාරුවෙන්න තියනවානම්, ඒ ගුවන්තොටුපලේ තියෙන ඉලෙක්ට්‍රොනික් දැන්වීම් පුවරු වලින් අදාල පර්යන්තය (terminal) හොයාගෙන යන්න මහ අමාරුවක් නෑ. හොයාගන්න අමාරු නම් නිලධාරියෙක්ගෙන් ඇහුවාම හරි. ගුවන් සේවාව මාරු කරනවානම් සමහරවිට ගුවන් යානයට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර  (boarding pass) ගන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

ඒත් දිල්ලියෙදි අපිව වෙනම කාමරයක් වගේ ප්‍රදේශයකට එක්කගෙන ගියා. මොකටද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට එතන ඉන්න කිව්වා, තවත් නිලධාරියෙක් ඇවිත් කථා කරයි කියලා. වෙන කරන්න දෙයක් නැති කමට එතනට වෙලා හිටියා. පැය භාගෙකට විතර පස්සෙ මෙන්න වෙනත් නිලධාරියෙක් ඇවිත් මාත් ඇතුළුව එතන හිටපු මඟීන්ගෙන් කීපදෙනෙක්ගෙ නම් කථා කරලා එයත් එක්ක එන්න කිව්වා. අපිත් ඉතින් අර මාංචු දාපු හිරකාරයො වගේ පෝලිමට ඒ නිලධාරියා පස්සෙන් වැටිලා ගියා.

අවතැන්වූ මඟීන්

අපිව එක්කගෙන ගියෙ පර්යන්තයක ප්‍රවේශ ශාලාවකට. ඒ කියන්නෙ ආගමන/විගමන කවුළු සහ ගුවන් යානයට ගොඩවෙන ගේට්ටු අතර ප්‍රදේශයකට. මේ ප්‍රදේශයේ අපි වගේම තවත් කීපදෙනෙක් රඳවල තිබුනා. මේ ප්‍රදේශයේ ඉඳගන්න පුටුවක්වත් නෑ. ටිකක් වෙලා ඉන්නකොට තමා තේරුනේ අපිට ඊලඟ ගුවන්යානයට ගොඩවෙනකම් මෙතැන රැඳිල ඉන්න වෙනවා කියලා.

මගෙ ස්ට්‍රෝලර් එකත් ලැබිල තිබුනෙ නෑ. පුංචි පුතා හිටියෙ මගෙ අතේ. එයාව බිමින් තියන්න බෑ, එයා එහෙ මෙහෙ දුවනවා, හොඳටම නිදිමතේ. නිදිකරවන්න විදියක්වත් නෑ. ඒ මදිවට එයාට වගේම මටත් බඩගිනියි. දරුවට කෑම කවන්න තියා කිරි පොවන්නවත් විදියක් නෑ, ඉඳගන්නවත් නැති නිසා. මාත් එක්කම ලංකාවෙ ඉඳන් ආපු සොහොයුරෙක් මට උදව් කලා, මගෙ ගමන් මළු එහෙම පරිස්සම් කරමින්. දිල්ලි ගුවන්තොටුපලේ නිලධාරීන් විටින් විට කට්ටියව එක්කරගෙන ඇවිත් එතන තියලා යනවා.

මෙන්න බොලේ මළු

මේ අතරෙ ගමන් මළු තොගයක් අරගෙන ඇවිත් අපි ඉස්සරහින් තිබ්බා. බලනකොට ඒ අපි යන්න ඉන්න ගුවන් යානයේ මඟීන්ගෙ ගමන් මළු. වෙනත් ගුවන්තොටුපලකින් දිල්ලියට එන මඟීන්ගෙ ගමන් මළු ස්වයංක්‍රීය වාහක පද්ධතිය (automated conveyor system) මතින් ගුවන් යානයට යවනවා වෙනුවට, ඒවා මඟීන් සිටින ප්‍රදේශයට ගෙන ඒම මම කලින් දැකල නෑ. (ඒක ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද කියල මට හිතුනා.) විටින් විට මේ විදියට ගෙනාපු මළු අතරෙ මගෙ ගමන් මළුත්, දරුවගෙ ස්ට්‍රෝලරයත් තියනවා දැක්කා.

එතැන හිටපු නිලධාරියෙකුට මම කිව්වා “මේ තියෙන්නෙ මගෙ ස්ට්‍රෝලරය. ඒක මට අවශ්‍යයි” කියලා. නමුත් ඔහු ඒක දෙන්න කැමති වුනෙ නෑ, ඒක කෙලින්ම ගමනාන්තයට යවන්න සටහන් කර තිබූ නිසා. (කටුනායකදි අපේ රටේ උදවිය කළ හපන්කම තමා ඒ!) මම ඔහුට තේරුම් කර දුන්නා වැරදීමකින් ඒ අය එලෙස සටහන් කර ඇති බව සහ ස්ට්‍රෝලරය ආරක්ෂාවට බාධාවක් නැති බව. (ගමන් මල්ලක් විවෘත කරනවා වගේ නොවන බව.) ඒ නිලධාරියා පමණක් නොවෙයි, ඉන් පසු වරින් වර ආ නිලධාරීන් කීපදෙනෙක්ම මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් ඇසිය යුතු බව කියලා මාරු වෙන්න ඒ අය හරිම දක්ෂයි. කොහොමහරි පැය 2 කට විතර පස්සෙ, ඒ අය සමඟ කළ අරගලය නිමා වුනෙ, සුදු හමකට ඔවුන් යටත් වීම නිසයි. මගේ ප්‍රශ්නය කීප වතාවක්ම දැක්ක ඇමරිකන් ජාතිකයෙක්, ඒ නිලධාරීන්ට ‘සුද්දගෙ ඉංග්‍රීසියෙන්ම’ කථාකළ නිසාදෝ, මට ආපහු ස්ට්‍රෝලරය ලැබුනා.

ස්ටිකර් අලවමු

මේ අතරතුර, එතන සිටි මඟීන්ට ඔවුන්ගේ ගමන් මළු අඳුනගන්න සිද්ධ වුනා. ඒ, ඒවායේ තිබූ පරිගණක දත්ත සහිත ස්ටිකරය ඉවත් කොට, අලුත් ස්ටිකර් ඇලවීම සඳහායි. මුල් ගුවන් තොටුපලෙන් ගමන් මළු වලට අලවන ස්ටිකරය, පරිගණකගත පද්ධතියකින් කියවා, ස්වයංක්‍රීය වාහක මඟින් අදාල ගුවන් යානයට යොමු කිරීම වෙනුවට, දිල්ලියේදී කළ දේ ඉන්දියාවට පමණක් ආවේණික දෙයක්ද කියලත් මට හිතුනා.

විටින් විට පැමිණි නිලධාරීන්ට අපේ ගමන් බලපත්‍ර ලබාදෙන්න සිද්ධ වුනා. නරකම දෙය තමා, ඔවුන්ට ඒවා රැගෙන යන්න දෙන්න වීම. ගමන් බලපත්‍රයක් තමන්ගෙ දෑසට පෙනෙන සීමාවෙන් එහාට නොයන්න වගබලාගන්න කියලා කිව්වත්, දිල්ලියට ගියාම ගමන් බලපත්‍රය ඉල්ලන ඕනෙම කෙනෙක් අතට දෙන්න මඟීන්ට සිද්ධ වුනා. වවුලගෙ ගෙදරට ගියානම් එල්ලිලා හිටපිය කිව්වලු!

ගුවන් යානයකට ගොඩවීමට පෙර, ගමනාන්තයට යාමට හේතුව, ආරක්ෂාවට අදාල කාරණා ආදිය ඇසීම සාමාන්‍ය කරුණක්. ගුවන් යානයට ගොඩවන ගේට්ටුව අබියස කවුන්ටරයක සිටින නිලධාරියෙක් අබියසට අදාළ ලියකියවිලි සමඟ ගියවිට, ඒ ප්‍රශ්න කිරීම විනාඩියකටත් අඩු කාලයකදී නිම වෙනවා, ඔවුනට සැක හිතෙන යමක් නොවුනොත්. නමුත් දිල්ලියෙදි වුනෙ අමුතුම සිද්ධියක්.

අපි තැන තැන හිටගෙන ඉන්න අතරෙදි, නිලධාරීන් එනවා අපි ගාවට. ඇවිත් පොඩ්ඩක් පැත්තකට එක්කරගෙන යනවා. (රහසක් කියන්න වගේ. එහෙම නැත්නම් මදාවියෙක් බය කරලා සල්ලි ඉල්ලගන්න යනවා වගේ.) ඇමරිකාවට ඇතුල් වෙද්දි ඒ රටේ ආගමන නිලධාරියෙක් අපෙන් අහන ප්‍රශ්න වලටත් වඩා, ඉන්දියාවෙ ඉන්න මේ නිලධාරියා අපෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමට විනාඩි 5 ක්වත් ගත වෙනවා. මට උදවු කළ ලංකාවෙ සොහොයුරාට ඔහුගෙ උපාධි නිබන්ධනයත් පෙන්නන්න වුනා ඒ නිලධාරියාට!

මගෙ ගුවන් ගමන් දෙක අතරතුර පැය හතරක අධික කාලයක් තිබුනා. මම හිතාගෙන හිටියෙ පුතාට කවලා, නිදි කරවන්න. ඒත් ඒ පැය 4 ක කාලයම වගේ අපි හිටියෙ හිටගෙන. ඉතින් කොහෙ කන්නද? නිදාගන්නද? වතුර ටිකක් බීලා, දරුවගෙ යට ඇඳුම් මාරු කරගෙන එන්න මම ගිය අවස්ථාවකදි, ගමන් බලපත්‍ර එකතු කරගෙන ගිය නිලධාරියෙක් මාව සොයා තිබුනා. මම  ආවහම, “මගෙන් අහන්නෙ නැතුව මෙතැනින් යන්න එපා” කියලා හරිම කාරුණික විදියට ගෝරනාඩු කරන්න ඒ නිලධාරියා ආචාරශීලී වුනා.

කොහොමහරි, දිල්ලියටම (හෝ ඉන්දියාවට) ආවේණික ඒ වැඩ ටික ඉවර වෙද්දි, ගුවන් යානය පිටත් වෙන්න තියන වෙලාවට ඉතුරු වෙලා තියෙන්නෙ පැය භාගයකට ආසන්න කාලයක්. එච්චර වෙලා තැන තැන කැරකි කැරකි කථා-බහ කරමින් හිටිය නිලධාරීන්ට අන්න එතකොට තමා ගිනි කසයො වගේ වැඩ කරන්න මතක් වුනෙ.

ගුවන් යානයට ගොඩවීමට පෙර සාමාන්‍යයෙන් කරන පරීක්ෂා එකක් වෙනුවට, ‘දිල්ලි ස්පෙෂල්’ පරීක්ෂා දෙකක්ම කෙරුවා ලෝභ නැතුව. ගමන් මළු X කිරණ පරීක්ෂාවට ලක් කිරීමට අමතරව ගමන් මළු ඇරලා බැලීම වගේ ‘එක්ස්ට්‍රා ස්පෙෂල්’ ආරක්ෂක උපක්‍රමත් දිල්ලි නිලධාරීන් මහන්සි නොබලාම කළා. කොහොම හරි ගුවන් යානය පිටත් වුනේ නියමිත වෙලාවට විනාඩි 20 ක් විතර ප්‍රමාද වෙලයි.

දිල්ලි ගුවන්තොටුපලේ සංක්‍රමණික මඟීන් වුන අපි පැය ගණනාවක් හිටගෙන අනාථයො වගේ ඉන්නකොට, දිල්ලියෙන් ආපු මඟීන් සාමාන්‍ය පරීක්ෂාවලට පස්සෙ, (දූවිලි පිරිණු පොළොවට වඩා) හොඳ සැප-පහසු පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශවල ඉඳගෙන, කෑම-බීම ගනිමින්, වැසිකිලි අවශ්‍ය පරිදි පාවිච්චි කරමින්, අවශ්‍ය නම් පොඩි නින්දක් ලබමින් වෙහෙස නිවාගෙන ඉන්න වාසනාවන්ත වුනා. ඒවා පෙනෙන සීමාවේ, කිසිම පහසුකමක් නැතිව අපිව රඳවලා තිබ්බෙ ඇයිද කියන එක මට තාමත් ප්‍රශ්නයක්.

මගේ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනත් අත්දැකීම් ලබපු අය ඉන්න පුළුවන්. ඒත්, ඉන්දියාවෙ අගනගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලබාදෙන සේවාවක් ලබාදෙන්න අසමත් වුන බව මගේ අන්තිම තීරණයයි. මේ නිසා නැවතත් දිල්ලිය පමණක් නොව, වෙනත් කිසිම ඉන්දියානු ගුවන් තොටුපොලක් මගේ ගුවන් ගමනකදි සංක්‍රාන්තියක් ලෙස තෝරා නොගන්න මම තීරණය කළා. ඔබත් දිල්ලිය හෝ වෙනත් ඉන්දීය ගුවන්තොටුපලක් හරහා ගුවන් ගමනක් යන්න තීරණය කළොත්, දෙවරක් සිතන්න.

Advertisements

“දිල්ලියේ හුටපටේ” වෙත සිතුවිලි 12ක්

  1. ඕවගේ දේවල් ඒ ඒ රටට ආවේණික දේවල්.ඒ වගේම ඉන්දියාව කියන්නෙ සාමාන්‍ය තත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් රටක්. මෙතනදි ඔයා කැමති නම් ගමන ආරම්භ කළ ගුවන් සමාගමට පැමිණිල්ලක් කරන්න පුළුවන් ස්ට්‍රෝලරය ඔබට ලබා නොදීම නිසා ඔබට සිදු වුණ අපහසුතාවයට. නැතහොත් සිවිල් ගුවන් සේවා අධිකාරියට කරන්නත් පුළුවන් (sldgca@caa.lk).අර පාස්පෝට් එක දීම සම්බන්ධයෙන් නම් විශේෂයෙන් ඉන්දියාවෙදි තියෙන්නෙ බරපතල තත්වයක්. ඒත් ඔබ මුහුණ දුන් අවස්ථාවෙදි වෙන විකල්පයකුත් නැහැනෙ.

  2. Delhi Airport I guess you are talking about Indira Gandhi Int. Air port. That’s the shittiest airports I ever saw in my life.
    Couple of years ago I went to india for some business related stuff, and people are so rude at the air port. I went to outside to find my driver and its like you went to whole diff world. SL and BIK are far better.
    But one thing I know is if you keep your mouth shut, you will get treated badly, but if you act like lord fakeer and blast to them they will do whatever we want..
    That’s part of indian culture, if you want something most of the time you have to talk like you are ordering him to do that.

  3. මම කියන්නම් අපෙ ලන්කාවෙ අය පිටරටදි උදවු කරන හෑටි.
    2007 වසරෙ 4 වෙනි මාසෙ තමා මම හාහා පුරා කියල පිටරටකට ගියපු මුල්ම වතාව.ගියෙ තායිලන්ඩ්.මගෙ මුල්ම සන්චාරය මම තනියමමයි ගියෙ. සතියක් එහෙ ඉදල එන්නෙ හෙටකියල ට්වි එකෙ නිවුස් වලට කිවා ලන්කාවෙ එයාපොට් එකට එයා ඈටෑක් එකක් කරල කියල.පහුවදා සවස7.15 මට පිටත් විමෙ වෙලලාව තිබුනත් කොකටත් කියල ලලින් එයාපොට් ගියා. මම එන්ඩ් බුක්කරල තිබුනෙ කෑතෙ පෑසිපික් එයාලයින් එක. මම යනකොට ක්වුන්ටර් එක ගාව එකම කලබෑගෑනියක්. කෑතෙ පෑසිපික් නිලදාරින් කියනව අපෙ ගුවන් සෙවය ආය ලන්කාවට යන්නෙ නෑ.ඔයාලට යන්න වෙන්නෙ ස්‍රිලන්කන් එකක,දෑනට එවගෙ ශිට් සතියකට බුක්.එනිසා සතියක් ඔයලට මෙහෙ ඉන්ඩ වෙනව,පුලු පුලුවන් විදිහට කට්ටිය යවන්නම් කියල.දෑන් මට තරෑ පෙනිල.ලන්කාවෙ කට්ටිය තමා එතන ගොඩ්ක් හිටියෙ.සිහලෙන් කතාව හොගලා,,මට එක ලොකු හඉයක් වගෙ දෑනුන.හිමිට එක්කෙනෙක් ගවට කිට්ටු කරල අහුව මහත්තය මෙතන මොකක්ද වෙන්න්නෙ කියල. දුන්නෙ නෑතෑ මට බඩ පිරෙන ටොක් එකක්.මෙහෙමයි එයගෙ උත්තරෙ… *ලකවෙ එයාපොට් එකට කොටි ගහල.ආය කෑතෙ යන්නෙ නෑතිලු,අපි කට්ටිය කොහොම හරි අද ලන්කවට යනව..තමුසෙ අපෙ පස්සෙන් එහෙම එන්ඩ දගලන්ඩ එපා යනව යනව අහකට කිව.(එයාල රජයෙ දුත පිරිසක් ලු කියල අර නිලදාරින්ටත් එයලගෙ පවස් පෙන්නනව.)මට බනින හෑටි කෑතෙ පසිපික් නිලදාරියෙක් බලන් හිටිය.එයා මට බොම්බෙ වලට ටිකට් එක හදල බොම්බෙ වල ඉදල ස්‍රිලන්කන් එකක එන්ඩ ටිකට් එකත් හදල දුන්න. ටිකට් එක අතට අරන් මම කියකල දුන්න එ ටයි මහතුරුන්ට මම දන්න සුද්දම සින්හල ඔක්කොම ටික. ඔන්න අපෙ අයගෙ එකමුතු කම………….

  4. ඕක ඉංදියාවේ සාමාණය සිදුවූමක්. රෝද පුටුවෙන් යන අපේ ආච්චියෙකුට, ඉන්දියාවේ එයාපෝට් එකෙක් රොද පුටුවකුත් නැතිව, ඉල්ලන්න අහන්න කියන්න කෙනෙකුත් නැතිව, වේදනාව දරාගන්න බැරුව අඩ අඬා ඉන්නවා දැක්කහම, මග යන එන කොලුවෙක් කොහෝදෝ ඇවිදලා රෝද පුටුවක් හොයලා ගෙනල්ලා දුන්නා කීවා. ඒ බිස්නස් ක්ලාස්නුත් වෙලා ඕන්.

    දවසක් මම ඉන්දියාවේ ඉදලා ගෙදර එන්න හදනකොට, සීට් ඔක්කොම බුක් ආයීත් සීට් එකක් තියෙන්නෙ සති දෙකකින් කියාපි. අපේ ටිකටින් ඒජන්සියේ මලයාගේ දක්ශතාවයන්ට පින් සිද්ද වෙන්න මම ගෙදර ආවේ. බැංකුවට සල්ලි මාරු කරන්න ගියහම, බැංකු මහත්තයා පැදුරකුත් එලාගෙන බිම දොයී. ඉලපතෙන් බිම අතුගානා ගෑනුන්නම් දෙකට නැවිලා මුලු දවසේම කොහොම වැඩ කරනවාද දන්නේ නැහැ.

    මතකයී නේද ලොව වටා දින අසූවකින් යන්න ගිය එකාටත් ඉන්දියාවෙදි වෙච්ච ප්‍රශ්ණ. මම නම් මොනවා වුනත් ඔය ගුවන් තොටුපොලවල් මග හැරලා තමයී යන්නේ. ගාන තරම්ක් වැඩි වුනත්, කටාර් ගුවන් සේවයනම් ඉස්තරම්. ශ්‍රී ලංකන් වලට වඩා ගානත් අඩුයී, සේවයත් හොදයී. පොඩි පොඩි අඩුපාඩු තිබුනත් ලංකාවේ ගුවන් තොටුපොලේ සැලසුම බොහොම ඉස්තරම් නේද.

  5. මන් මේ ඇහුවා මයි ඉන්දියාව හරහා ඇමරිකාවට යන එක. ගොඩක් transit set වෙන්නේ London, Singapore HongKong වගෙ නේ. මම නම් California State එකට පොඩි ලමයෙක් එක්ක එනවා නම් බය නැතුව Recommend කරන්නේ Japan හරහා එන්න කියලයි. පැය 9.5 වගෙ Flight දෙකක් තියෙන්නෙ. Transit තියෙන්නෙ පැය 5 වගෙ.

    1. ඇමරිකාවෙ නැගෙනහිර පැත්තට එනකොට යුරෝපය හරහා හරි, මැදපෙරදිග හරහා හරි එන්න ටිකට් හොයාගන්න බැරි වුනොත් ඉන්දියාව හරහා එන එක තමා විකල්පය. මම අන්තිම මොහොතේ ටිකට් ගත්ත නිසා ලැබුනෙ ඉන්දියාව හරහා යන්නයි.

  6. Grey you are etreamly correct. no need to fear or respect any of indian, that is the indian culture. if you guys ( or womans) try to be polite they will treat like this. each and every Hindustani needs Ghan margaya… ( pollakin pukata geheema.. ho pu…. ereema)… if not; they turn back to you and do all shitty things. this is the stupid , dirty culture i ever seen my life.

    Bohoth karab country he…… bohoth paghal aadhmie he….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )