Memento- සමහර මතකයන් අමතක වූ තරමට හොඳය

හින්දි චිත්‍රපට ලෝලියෝ වෙනස් විදියේ කථාවක් විදියට රස වින්ද නිර්මාණයක් තමා ඝජිනි (Ghajini) (2008). ඝජිනි සිනමා කෘතිය බොහොම ලිහිල්ව පදනම් වෙලා තියෙන්නෙ 2000 වසරේදි හොලිවුඩ් සිනමා විචාරකයන් අතර බොහොම කථාබහට ලක් වෙච්ච Memento කියන නිර්මාණය ආශ්‍රිතවයි. ඔබ ඝජිනි ආසාවෙන් බැලුවානම්  මෙමෙන්ටෝ ඊටත් වඩා ආසාවෙන් නරඹාවි.

කථාව පදනම් වෙලා තියෙන්නෙ පූර්වක්‍රමික විස්මෘතිය  (anterograde amnesia) හෙවත් අලුත් දිගුකාලීන මතක නිපදවීමේ නොහැකියාවක් ඇති ලෙනාර්ඩ් නම් අයෙක් පදනම්වයි. ඔහුට කෙටිකාලීන මතකයන් දිගුකාලීනව මතක තබාගැනීමට බැරි නිසා, සටහන් සහ පච්ච භාවිතයෙන් තොරතුරු තබාගන්නවා. ඔහුට මේ තත්ත්වය ඇතිවන්නේ ඔහු සහ බිරිඳ නොදන්නා අයෙක්ගේ ප්‍රහාරයට ලක් වීමෙනුයි.

මෙමෙන්ටෝහි ඝජිනි සමඟ සමඟ සමානකම එතැනින් නිමාවෙනවා. මෙමෙන්ටෝහි කථාව දිවෙන්නේ ඝජිනිහි මෙන් අවසානය කලින්ම කිවහැකි කථාවක් ලෙස නොවේ. මේ සිනමා කෘතියේ විශේෂත්වය වන්නේ කාල රාමු දෙකකින් කථාව ඉදිරිපත් කිරීමයි. වර්තමාන කථාව කාලානුක්‍රම  (Chronological) ක්‍රමයටත්, අතීත කථාව ප්‍රතිලෝම කාලානුක්‍රම (Reverse chronological) ක්‍රමයටත් ඉදිරිපත් කරන නිසා අන්තිම මොහොත වනතෙක්ම කථාව තේරුම් ගැනීමට අපහසුයි.

ඝජිනි කියන්නෙ මෙමෙන්ටෝ වල පිටපතක් නොවන බවත් සඳහන් කරන්නෙ ඕනෑ. මෙමෙන්ටෝ සිනමා කෘතිය ඝජිනි චිත්‍රපටියට වඩා බොහොම ගැඹුරු සහ දාර්ශනික බවයි මගේ මතය.

මෙමෙන්ටෝ සිනමා කෘතිය පදනම් වී ඇත්තේ ජොනතන් නොලාන් (Jonathan Nolan) විසින් රචිත මෙමෙන්ටෝ මොරි (Memento Mori) නම් කෙටිකථාව ආශ්‍රිතවයි. ජොනතන්ගේ අයියා ක්‍රිස්ටෝපර් නොලාන් (Christoper Nolan) තමා මේ චිත්‍රපටිය නිර්මාණය කර ඇත්තේ. ක්‍රිස්ටෝපර් නොලාන් කියන්නේ Batman Begins, The Dark Knight වගේම Inception සිනමා කෘතිවල නිර්මාපකයා බව දන්නවා ඇති.

මෙමෙන්ටෝ මොරි කෙටිකථාව චිත්‍රපටියේ කථාවට වඩා තරමක් වෙනස්. (එය ඊටත් වඩා රසවත්!) ඒ  කථාව මෙතැනින් කියවන්න.

IMDB හි 8.7 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති මේ සිනමා නිර්මාණය ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන ගණනාවකට නිර්දේශ වූ අතර තවත් සම්මාන ගණනාවක් දිනාගෙන තිබෙනවා. චිත්‍රපටිය නරඹලාම රස විඳින්න.

Advertisements

“Memento- සමහර මතකයන් අමතක වූ තරමට හොඳය” වෙත සිතුවිලි 3ක්

  1. මෙච්චර කල් බැලුවෙ නෑනේ…. ඉක්මනටම බලනවා… මේක imdb top list එකේ 29 වෙනි තැන තියෙන්නේ…

    මීඩියා ෆයර් වලින් බාන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා…
    http://www.300mbmovie.com/2010/04/memento-2001.html

  2. ඔව් ඒක ඇත්ත.මාත් බැලුවා.”ඝජිනි” හොඳයි.
    මට හිතුන, අපිත් හරියට “ඝජිනි” වගේ කියල.
    අපිටත් අපේ අතිතෙ මතක නෑ හරියටම, ගිය ආත්මෙ කව්ද එහෙම කියල.
    වැඩිය ඕනෙනෑ, අද උදේ උනේ මොනවද කියලවත් හරියටම මතක නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )