හොරකම සහ දඬුවම

නව පරපුරේ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් හොරකම් කිරීමට ගොස් අසුවීමක් ගැන පසුගිය දවස්වල පුවත්පත්වලින් වගේම අන්තර්ජාලය හරහාත් නොඅඩුව කථාබහ කෙරුනා. ඒ පිළිබඳව උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

ඒ සිද්ධියට අදාල ඡායාරූපයක්ද මේ වනවිට සංසරණය වෙනවා. මේ ඡායාරූපය දැක්ක ගමන් “හොඳ වැඩේ..හොරකමේ ගිහින් අහුවුනාට ඔහොම කරල මදි!” කියලා ගොඩ දෙනෙක් හිතන්න ඇති. මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත හෝ ඇය සැබැවින්ම රෙදි හොරකම් කළාද නැද්ද යන්න පිළිබඳව මට කීමට නොහැකියි. නමුත්, මේ ඡායාරූපය සත්‍ය එකක් සහ ඇඳුම් හොරකම් කිරීමට උත්සාහ ගැනීම නිසා ඇයව දණගස්වා තිබුණායැයි සිතමු.

යමෙක් හොරකම් කර අසුවූ විට ඔවුනට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ කාටද?

හොරකමට ලක්වූ තැනැත්තාටම හොරාට දඬුවම් කිරීමේ අයිතියත් ලබා දී තිබේනම් නීතිය සහ අධිකරණය පද්ධතියක් තියෙන්නේ ඇයි?

හොරකමකදී හොරාව අල්ලා පොලීසියට භාරදීම සහ ඒ ගැන පැමිණිලි කිරීම හැර වෙනත් යමක් කිරීම මහජනයාගේ (හෝ සිවිල් ආයතනයක) වගකීම නෙවෙයි. දඬුවම් කිරීමක් වෙනවානම් එය සිදුවිය යුත්තේ උසාවිය හරහායි. පොලීසියට හෝ මහජනයාට යමෙකුට දඬුවම් කිරීමේ අයිතියක් නෑ.

මේ සියල්ලම හරියට වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් පමණයි. අපක්ෂපාත නීති සහ අධිකරණ පද්ධතියක් තිබේනම් ගැටළුවක් නෑ. නමුත් ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම ගැන අමුතුවෙන් කිවයුතු නෑ. අපේ රටේ හාල්මැස්සො වගේ පොඩි හොරු අහුවෙද්දි තෝරු-මෝරු වගේ මහ හොරු නීතියෙ සිදුරු වලින් රිංගලා යන එක නොඅඩුව සිද්ධ වෙනවා.

රටේ නීති පද්ධතියේ දුර්වලතා තිබුනත් මහජනයා නීතිය අතට ගැනීම අනුමත කරන්න පුළුවන්ද? නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය-උසාවිය මෙන්ම මහජනයාත් නීතිගරුක ලෙස හැසිරිය යුතුයි. විශේෂයෙන්ම ආයතනයක් නීතිගරුකව හැසිරිය යුතුයි. පුද්ගලයෙක් නීතිය කඩකිරීමට වඩා ආයතනයක් නීතිය කඩකිරීම වෙනස්.

ඔඩෙල් වැනි ප්‍රසිද්ධ ආයතනයක් පුරවැසියෙකුට දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කිරීමේ විශාල අඩුපාඩුවක් ලෙසයි මම දකින්නේ. පොලීසිය අදාල හොරකම පිළිබඳව චූදිත නිළියට නඩු පවරනා අතරම, නීතිගරුක ලෙස නොහැසිරුනු ඔඩෙල් ආයතනයට විරුද්ධවත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි මගේ මතය. එහෙම නොවුනොත්, තමන්ගේ ආයතනයෙන් හොරකමක් කළ පුද්ගලයෙක් අල්ලගෙන හොරාව ගස් බැඳලා දිමිගොටු දාන ආයතන නොඅඩුව බිහිවෙයි.

උදාරි හොරකමක් කළානම් එයට උසාවියෙන් දඬුවම් හිමිවිය යුතුයි. නමුත් ඇය ඔඩෙල් ආයතයේදී දඬුවමක් වින්දානම්, ඔඩෙල් ආයතනයට විරුද්ධව නඩුවක් පැවරීමෙන් ඇයට විශාල මුදලක් හොයාගත හැකිබවයි මට හිතෙන්නේ!

නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන පොලීසිය-උසාවියටම දොස් කියනවාට අමතරව අපිත් නීතිගරුක පුරවැසියන් වෙමු.

 

Advertisements

7 thoughts on “හොරකම සහ දඬුවම”

  1. දැන් මේ මාධ්‍ය වලින් සංසරණය වෙන දේවල් ගැන අපි නිවීහැනහිල්ලේ හිතලා බලන්න ඕනි.මේවයේ ඇත්ත නැත්ත එලිවෙන්නේ සිද්ධිය අපිට අමතකවෙලා ගියාටත් පස්සේ.අපි ගොඩක් වෙලාවට මේවා ගැන තේරුම් අරන් තියෙන්නේ වැරදියට කියලා තේරෙන්නේ එතකොටයි.එතකම් අපි ඉවසීමෙන් බලන් ඉමු.

  2. මම දන්නා විදිහට නම් සිද්දිය මෙකයි..ඔය ඔඩෙල් එකේ දැරිවි ඉන්නවනේ(ඔටාරා)..ඔය දැරිවි උදරිත් එක්ක තියන ඉරිසියාවට තමයි ඔය වැඩේ Planකරලා තියෙන්නේ…මොකද ඔය සිද්දියෙන් උදරිට තියන ජනප්‍රියතාවය අඩු උනාද…නෑනේ… මේවා අහනකොට අර අහවල් එකෙනුත් හිනා යනවා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )