ලිනක්ස් වලට කොන්කි

ලිනක්ස් පාවිච්චි කරන අයට තමන්ගෙ පරිගණකයේ තත්ත්වය නිරීක්ෂණය කරන්න (system monitor) සහ desktop එකේ අලංකාරය සඳහා පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් තමා කොන්කි (Conky). කොන්කි භාවිතයෙන් ලබාගත් desktop මුලින්ම බලලා ඉමුකෝ.

කොන්කි කියන්නෙ සැහැල්ලු, අකුරු මත පදනම් වූ පද්ධති නිරීක්ෂණ මෘදුකාංගයක්. කොන්කි භාවිතයෙන් අපිට පරිගණකයේ මතකය, CPU, දෘඩ තැටිවල ඉඩ, උෂ්ණත්වය වගේ දේවල් පරිගණක තිරයේ පෙන්වන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාලයට සම්බන්ධ නම් කාලගුණය වගේ විස්තරත් පෙන්නන්න පුළුවන්. අපි බලමු කොහොමද කොන්කි එක්ක වැඩ කරන්න කියලා.

මුලින්ම කොන්කි පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනෙ. ඒකට පහත විධානය ටර්මිනලයක ක්‍රියාත්මක කරන්න.

sudo apt-get install conky

ඊට පස්සෙ හෝම් ඩිරෙක්ටරි එකේ .conkyrc කියලා ෆයිල් එකක් හදාගනිමු.

gedit ~/.conkyrc

අපි මුලින්ම බොහොම සරල දෙයක් කොන්කි මඟින් අපේ desktop එකේ පෙන්වමු. පහත දේ අපි හදාගත්ත .conkyrc වල paste කරන්න. (.conkyrc කියන්නෙ සැඟවුනු ෆයිල් එකක්. හෝම් ඩිරෙක්ටරියේ ඇති සැඟවුනු ෆයිල් බලන්න ctrl+H මඟින් පුළුවන්.)

update_interval 2

own_window yes
own_window_type desktop

use_xft yes
xftfont DejaVu Sans:size=14

alignment top_right

TEXT
${time %H:%M}

.conkyrc file එක save කරලා වහලා දාන්න. ඊටපස්සෙ අපිට පුළුවන් ටර්මිනලයක හෝ Alt+F2 වල පහත විධානය මඟින් කොන්කි ක්‍රියාත්මක කරන්න.

conky

ඔබේ එකේ ඉහල දකුණු කෙළවරේ වෙලාව (පැය 24 ඔරලෝසුවෙන්) පෙන්වනු ඇති. ඔබට කොන්කි ක්‍රියාත්මක වීම නවත්වන්නට අවශ්‍ය නම් (වෙනම ටර්මිනලයක) පහත විධානය පාවිච්චි කරන්න.

killall conky

කොන්කි ක්‍රියාත්මක වෙද්දීම එහි වෙනස්කම් කරන්න පුළුවන්. .conkyrc ෆයිල් එකේ අවශ්‍ය වෙනස්කම් කර එය save කිරීම මඟින් අදාළ වෙනස්කම් සිදු වෙනවා.

අපි පාවිච්චි කළ කොන්කි විධාන ටික මොනවාදැයි බලමු.

update_interval 2: මෙයින් කියන්නේ තත්පර කීයකට වරක් තිරයේ දර්ශනය යාවත්කාල විය යුතුද යන්නයි. කාලය තත්පර 1.5 ආදිය යොදාගන්නත් පුළුවන්.

own_window yes : කොන්කි වෙනම රාමුවක පෙන්විය යුතු බව.

own_window_type desktop : එය ඩෙස්ක්ටොප් පින්තූරයක් මෙන් සෑම workspaceඑකකම පෙන්විය යුතු බව.

use_xft yes : පොදු ෆොන්ට් එකක් භාවිතා කළ යුතු බව.

xftfont DejaVu Sans:size=14 : පොදු ෆොන්ට් වර්ගය සහ විශාලත්වය.

alignment top_right : තිරයේ කොන්කි පෙන්විය යුතු තැන. මේ සඳහා top වෙනුවට middle, bottom ලෙසත්, right වෙනුවට left, middle ලෙසත් යොදාගන්න පුළුවන්.

TEXT කියන පේලියට පහලින් ලියවෙන (කොන්කි විධාන හැර) සෑම දෙයක්ම තිරයේ දිස්වෙනවා. කොන්කි විධාන ${විධානය} ලෙස ඇතුලත් කළ යුතුයි. උදාහරණ ලෙස අපි ඉහත .conkyrc ෆයිල් එකේ අගට Sri Lanka ඇතුල් කර save කළොත්, තිරයේ Sri Lanka දිස් වනු ඇති. අපි ${nodename} ${sysname} ${kernel} එකතු කළොත්, ඔබේ පරිගණකයේ නම, මෙහෙයුම් පද්ධතිය සහ ලිනක්ස් කර්නල් එක පෙන්වනු ඇති.

මේ විදියට අපිට තිරයේ දිස්වෙන්නට අවශ්‍ය දේවල් කැමති විදියට වෙනස්කර ගන්නට පුළුවන්. පහල තියෙන්නෙ අන්තර්ජාලය නැතිව පද්ධතියේ තත්ත්වය තිරයේ පෙන්වීමට පුඵවන් කොන්කි පිටපතක් (script).

#ඩෙස්ක්ටොප් පින්තූරයක් ලෙස තිබිය යුතු බව
background yes
#පොදු අකුරු වර්ගයක් පාවිච්චි කල යුතු බව
use_xft yes
#පොදු අකුරු වර්ගය සහ විශාලත්වය
xftfont Sans:size=8
#යාවත්කාල වන කාල අන්තරය (තත්පර වලින්)
xftalpha 1.0
update_interval 1.0
#කී වතාවක් කොන්කි ක්‍රියාත්මක විය යුතුද යන්න. (0 = නොනවත්වා)
total_run_times 0
#වෙනම රාමුවක්
own_window yes
#රාමුව පාරදෘශ්‍යද යන්න
own_window_transparent yes
#රාමුව ගැන විස්තර
own_window_type override
#ගැස්සීමකින් තොරවීමට
double_buffer yes
#අවම විශාලත්වය (දිග හෝ පලල)
minimum_size 200 200
#උපරිම පලල
maximum_width 200
#රාමුවට සෙවනල්ලක් අවශ්‍යද
draw_shades no
#අකුරු වටේට කොටවුක් අවශ්‍යද
draw_outline no
#රාමුව වටේට කොටවුක් අවශ්‍යද
draw_borders no
#ප්‍රස්තාර වටේට කොටුවක් අවශ්‍යද
draw_graph_borders yes
#මූලික පාට
default_color white
#මූලික සෙවනැලිවල පාට
default_shade_color black
#මූලික දාර වල පාට
default_outline_color white
#තිරයේ පෙන්විය යුතු තැන
alignment top_right
#තිරස් අතට තිරයේ කොණේ සිට තිබිය යුතු ඉඩ
gap_x 12
#සිරස් අතට තිරයේ කොණේ සිට තිබිය යුතු ඉඩ
gap_y 12
no_buffers yes
uppercase no
cpu_avg_samples 2
override_utf8_locale no

TEXT
#මෙතැනින් පහලට ඇති දේවල් තිරයේ දිස්වෙනු ඇති
COMPUTER ${hr 1}

 Name${alignr}$nodename
 O.S.${alignr}Ubuntu-$sysname
 Kernel${alignr}$kernel
 Architecture${alignr}$machine

SYSTEM USAGE${hr 1}

CPU USAGE:
 CPU1${alignr} ${cpu cpu1}%
 CPU2${alignr} ${cpu cpu2}%
 ${font sans:normal:size=8}${cpugraph cpu0}

PROCESSES:
 Loaded${alignr} $processes
 Running${alignr} $running_processes

RAM:
 Available${alignr}$memmax
 Using${alignr}$mem
 ${font sans:normal:size=8}${memgraph}

RAM USER:
 ${top name 1}$alignr${top mem_res 1}
 ${top name 2}$alignr${top mem_res 2}
 ${top name 3}$alignr${top mem_res 3}
 ${top name 4}$alignr${top mem_res 4}
 ${top name 5}$alignr${top mem_res 5}

FILESYSTEM ${hr 1}

ROOT:
 Available${alignr}${fs_size /}
 Free${alignr}${fs_free /}
 Percent Free${alignr}${fs_free_perc /}%
HOME:
 Available${alignr}${fs_size /home}
 Free${alignr}${fs_free /home}
 Percent Free${alignr}${fs_free_perc /home}%
SWAP:
 Available${alignr}$swapmax
 Free${alignr}$swapfree

DATE ${hr 1}
${alignc 40}${font Sans MS:size=30}${time %H:%M}${font}
${alignc -5}${time %a %d %b %Y}

ඒකෙන් අපිට ලැබෙන දර්ශනය මේ වගේ.

Simple Conky

ඔබට පරිගණකය පණගැන්වෙද්දිම කොන්කි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් System -> Preferences -> Startup Applications ->Add වලට Conky විධානය ලබා දෙන්න. ටර්මිලයක

sudo gedit /etc/fstab

ක්‍රියාත්මක කරන්න. /etc/fstab වලට conky එකතු කරන්න.

ඔබට කොන්කි පිටපත් ගැන වැඩි විස්තර ලබාගන්න පුඵවන් පහත සබැඳි වලින්.

http://conky.sourceforge.net/docs.html

http://ubuntuforums.org/showthread.php?t=281865

http://crunchbanglinux.org/forums/topic/59/my-conky-config/

Advertisements

සුබෝධ (වල්) බළලා

මගෙ යන්තරේ ලෙඩේ හදාගත්ත එකෙන් කල් දදා හිටපු දෙයක් ඉක්මන් වුනා. යන්තරේ රෝග නිවාරණය කරල එව්වෙ උපන් ගමන් විදියටම කියල කිව්වනෙ. විලියම් ගොයියගෙ ජනෙල් මට එච්චර දිරවන්නෙ නෑ. ඒ හින්දම ඉතින් මාක් අයියගෙ සෞත්‍රික සමාගමේ භාණ්ඩ පාවිච්චි කරන්න අරන් අවුරුදු තුනක්ම වෙනව.

අලුතෙන් ආපු සුබෝධ එක්ක පෑහෙන්න ඕනෙ කියලා හිතන් හිටියා ඌ එන්න මාස ගාණකටම ඉස්සෙල්ලා. ඒත් ඉතින් ඒ වැඩේ දවසින් දවස කල් ගියා එක එක හේතු නිසා. කොහොමහරි යන්තරේ උපන් ඇඳුම පිටින් එවපු නිසා සුබෝධ ගෙන්නගන්න වැඩේ ඉක්මන් උනා.

යන්තරේ උපන් ඇඳුම ගලවලා, සුබෝධ වල් බළලා ඒකට හයි කළා. තිබ්බටත් වඩා හොඳයි වගේ. මටනම් බාහිර අලංකාරෙ එච්චර වැදගත් නෑ. ඒ නිසා ලස්සන කරන්න තියන නානා ප්‍රකාර දේ ගැන හොයන්න ගියෙත් නෑ. ඒත් වල් බළලාගෙ බාහිර පෙනුම වැරැද්දක් නෑ.

ඉස්සෙල්ල ජනෙල් හතේ වැඩ නොකරපු කෑලි වල් බළලගෙ පෙට්ටිය ඇරපු ගමන් තියනවා. කරුම කෝලගෙත් පෙට්ටිය ඇරපුගමන් ඔක්කොම වැඩ කළානෙ. ජනෙල් හතේදි යන්තරේ හදපු එකාගෙනුත් එලවන්නො අරං හදාගන්න බැරිවුන දේවල් වල් බළලගෙ පෙට්ටිය අරිද්දිම තියන එකටනම් හරිම සතුටුයි. ඒත් මෙදා පොටේ පොඩි අඩුපාඩුවක් තිබ්බා. ඒ තමා දර්ශක ලාම්පු පත්තුවෙන්නෙ නැති එක..  ඒකත් හදාගන්න බලමු.

වල් බළලගෙ වෙනස්කම් මටනම් එච්චර ගාණක් නෑ. සමහරු කැමති නෑලුනෙ අර වහන කොටුව වම් පැත්තට ගෙනිච්චට. අර පළතුරු යන්තරවල වගේ වහන කොටුව වම් පැත්තෙ තියන එකත් ගති. මොනවා උනත් අර පින්තූර වෙනස් කරන නරියා මුලින්ම නොආපු එකට නම් මම කැමති නෑ. ඒ නරියව යන්තරේට හයි කරගත්ත එක මම වල් බළලා හයි කළාට පස්සෙ මුලින්ම කළ වැඩක්.

යන්තරේ පටන්ගන්න යන වෙලාවෙ පොඩි අඩුවක් වෙලා තියනවා වගේ තේරුනා. සමාජ ජාලවලට වැඩි සම්බන්ධයක් නැති නිසා, ඒවට තියන පහසුකම් අත්හදාබලන්නවත් තවම බැරි වුනා. වැඩකරන ඉඩ දෙකක් වෙනුවට හතරක්ම තියෙන බවත් දැක්කා. ඒක වාසියි එක අවස්ථාවක වැඩ ගොඩක් කරන අයට.

විලියම් ගොයියගෙ ජනෙල් වලට කැමැත්තක් නැති උනත්, සමහර උපකරණ වැඩ කරගන්නයි, වැඩ කරන තැන්වල ජනෙල් නැතුව ටිකක් කරදර නිසා මම ඉස්සර කළේ ජනෙලුයි උබුන්ටුයි දෙකම පිහිටුවල තිබ්බ එක. මෙදා පාර මම අතථ්‍ය යන්තරේක තමා ජනෙල් ඇරියෙ. ඒත් යන්තරේ වේගය අඩු වෙලා කියලා තේරුණේ නෑ.

යන්තරේ ඉස්පිරිතාලෙ යවන්න ඉස්සෙල්ලා ආරක්ෂා කරගත්ත දේවල් ටික ආයෙත් යන්තරේටම පටවලා, කරුමෙ අතෑරලා මමත් සුබෝධ එක්ක එකතු වුනා.  සුබෝධ එක්ක මම සතුටෙන්.

ප.ලි.:

යන්තර – computer
ජනෙල් – windows
විලියම් ගොයියා – විලියම් (බිල්) ගේට්ස් (III)
මාක් අයියා – මාක් ෂට්ල්වර්ත්
සෞත්‍රික – canonical
සුබෝධ වල් බළලා – Lucid Lynx
කරුම කෝලා – Karmic Koala
එලවන්නො – drivers
පෙට්ටිය ඇරපු ගමන් – out of the box
අතථ්‍ය – virtual
දර්ශක ලාම්පු – indicator lamps
පින්තූර වෙනස් කරන නරියා – GIMP
පළතුරු යන්තර – apple computers
වහන කොටුව – close box
වැඩකරන ඉඩ – work space

උබුන්ටු වලින් ලිපිගොනු බෙදාගනිමු | File Sharing in Ubuntu

Home Network Illustration
Home Network

මම කියන්න යන්නේ උබුන්ටු පාවිච්චි කරන, නිවසේ පරිගණක ජාලයට සම්බන්ධ කරනලද පරිගණක 2ක් අතර ලිපිගොනු බෙදාගන්න විදියක් ගැන.

උබුන්ටු (ලිනක්ස්) ස්ථාපිත පරිගණක ජාලයක් තුල දත්ත හුවමාරු කරන ප්‍රධාන ක්‍රම 2 ක් තියනවා. ලිනක්ස් ජාල සඳහාම වෙන්වුනු NFS සහ ලිනක්ස්/ වින්ඩෝස්/ මැක් ජාල සඳහා භාවිතා කළ හැකි SAMBA. මම කථාකරන්න යන්නේ NFS ගැනයි. සම්බා පාවිච්චිනොකර NFS යොදාගැනීමට හේතුවක් තමා එය වඩාත් වේගවත් වීම.

Home Network Layoutඔබගේ නිවසේ පරිගණක ජාලය ඉහත පරිදි යැයි සිතමු. නිවසේ ඇති පරිගණක 2 (හෝ වැඩි ප්‍රමාණයක්) ඉහත පරිදි රවුටරයට සම්බන්ධ කර තිබෙනවා. රවුටරය රැහැන් රහිත එකක්නම්, ඔබගේ පරිගණක රවුටරයට රැහැන් රහිතවද සම්බන්ධ කර තිබෙන්නට පුළුවන්.

අපි සිතමු ඔබට අවශ්‍ය ප්‍රධාන පරිගණකයේ ඇති ලිපිගොනු අමතර පරිගණකයෙන් පරිශීලනය කිරීමට කියා. එවිට ප්‍රධාන පරිගණකය Server ලෙසත්, අමතර පරිගණකය Client ලෙසත් සාමාන්‍යයෙන් නම් කරනවා. ඔබට අමතර පරිගණකයේ ඇති ලිපිගොනු ප්‍රධාන පරිගණකයෙන් පරිශීලනය කිරීමට අවශ්‍ය නම්, එවිට Server වන්නේ අමතර පරිගණකය වන අතර Client ප්‍රධාන පරිගණකයයි. අපි එක් Server එකක් පමණක් හා Client කෙනෙක් පමණක්  සහිත අවස්ථාවක් සලකමු.

අමතර පරිගණකයේ (Client)
1. ටර්මිනලයක පහත විධානය ක්‍රියාත්මක කරන්න. එවිට NFS client ලෙස ක්‍රියාත්මක අවශ්‍ය මෘදුකාංග ස්ථාපිත වනු ඇති.

sudo apt-get install nfs-common portmap

2. ටර්මිනලයේ පහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් එහි IP ලිපිනය සොයාගත හැකියි. එය සාමාන්‍යයෙන් පහත පරිදියි.

inet addr:192.168.1.64

එය සටහන් කරගන්න. ( inet addr: යන්නෙහි එක් අවස්ථාවකට වඩා ඇත්නම් 127හි න් ආරම්භ නොවන ඒවා සටහන් කරගන්න. ඔබේ පරිගණකයේ LAN වලට අමතරව රැහැන් රහිත LAN (Wireless Lan) පහසුකමද ඇත්නම් IP ලිපින දෙකක් තිබිය යුතුයි.)

ifconfig

3. ටර්මිනලයේ පහත විධානය ක්‍රියාත්මක කිරීමෙන් එහි සොයාගත හැකියි. එය සටහන් කරගන්න.

sudo /bin/hostname

අමතර පරිගණකයේ hostname = nadee-dv6000
IP ලිපිනය = 192.168.1.66 සහ  192.168.1.67 (මගේ පරිගණකයේ WLAN එකක්ද ඇත)

ප්‍රධාන පරිගණකයේ (Server)
4. ඉහත 2 හා 3 පියවර ක්‍රියාත්මක කරන්න.

ප්‍රධාන පරිගණකයේ hostname = nadee-sl500
IP ලිපිනය (IP address) = 192.168.1.64 සහ  192.168.1.65 (මගේ පරිගණකයේ WLAN එකක්ද ඇත)

5. ටර්මිනලයක පහත විධානය ක්‍රියාත්මක කරන්න. එවිට NFS server, NFS common  සහ portmap මෘදුකාංග ස්ථාපිත වනු ඇති.

sudo apt-get install nfs-kernel-server nfs-common portmap

6. portmap හැඩගැසීමට (configure) පහත විධානය ක්‍රියාත්මක කරන්න. (මෙම පියවර අත්‍යාවශ්‍ය නොවේ)

sudo dpkg-reconfigure portmap

loopback නොවීම සඳහා NO ලෙස තෝරන්න.  ඉන්පසු පහත විධානයෙන් portmap නැවත ක්‍රියාත්මක (restart) කරන්න.

sudo /etc/init.d/portmap restart

7. පහත විධානය ක්‍රියාත්මක කරන්න.

sudo gedit /etc/hosts

/etc/hosts වලට පහත සඳහන් පරිදි අමතර පේලියක් එක් කරන්න.

nadee-dv6000 192.168.1.66

මෙහි nadee-dv6000 වෙනුවට (3 වන පියවරේදී සොයාගත්) ඔබගේ client hostname සහ (2 වන පියවරේදී සොයාගත්) එහි IP ලිපිනය දැමිය යුතුයි. (IP ලිපින කීපයක් ඇත්නම් 192.168.1.66/67 හෝ 192.168.1.6* හෝ 192.168.1.66/24 ලෙස වෙනස් කරන්න. 192.168.1.6* මඟින් 192.168.60 සිට 192.168.1.69 සහ 192.166.1.66/24 මඟින් 192.168.1.66 සිට 192.168.1.255 දක්වා IP ලිපින අදහස් වේ ).

ලිපිගොනුව(file) සුරක්ෂිත(save) කර පිටවෙන්න.

8. ඔබගේ පරිගණක අතර සම්බන්ධය නිවැරදිදැයි බැලීමට පහත විධානය ක්‍රියාත්මක කරන්න.

ping -c 1 nadee-dv6000

(නැවතත් ඔබගේ දත්ත යොදාගන්න.) unknown host, 1 packets transmitted, 0 received, +1 errors වැනි ප්‍රතිචාරයක් ලදහොත් නැවතත් ඉහත පියවර නිවැරදිදැයි සහ පරිගණක සියල්ල නිවැරදිව ජාලගතකර ඇත්දැයි පරීක්ෂා කරන්න. 1 packets transmitted, 1 received, 0% packet loss වැනි ප්‍රතිචාරයක් ලදහොත් මේ වනතෙක් කළ දේ නිවැරදිය.

9. ඔබට client සමඟ බෙදාගැනීමට අවශ්‍ය ලිපිගොනු සඳහා ඩිරෙක්ටරියක් server එකේ තනා ගනිමු.

sudo mkdir /share

10. Server එකට සම්බන්ධ වීමට අවසර ඇති පරිගණකවල ලිපින ලැයිස්තුව පහත පරිදි ලබා දෙමු.

sudo gedit /etc/hosts.allow

hosts.allow වලට පහත පරිදි පේලියක් එකතු කරන්න.

ALL: nadee-dv6000

nadee-dv6000 වෙනුවට  (3 වන පියවරේදී සොයාගත්) client hostname දැමිය යුතුයි. client hostname වෙනුවට (2 වන පියවරේදී සොයාගත්) client IP ලිපිනය දැමිය හැකියි. (IP ලිපින කීපයක් ඇත්නම් 192.168.1.66/67 හෝ 192.168.1.6*) හෝ 192.168.1.66/24 ලෙස වෙනස් කරන්න.)

ලිපිගොනුව(file) සුරක්ෂිත(save) කර පිටවෙන්න.

11.  පහත විධානය ක්‍රියාත්මක කරන්න.

sudo gedit /etc/exports

/etc/exports වලට පහත පරිදි පේලියක් එකතු කරන්න.

/home/share nadee-dv6000

nadee-dv6000 වෙනුවට  (3 වන පියවරේදී සොයාගත්) client hostname දැමිය යුතුයි. client hostname වෙනුවට (2 වන පියවරේදී සොයාගත්) client IP ලිපිනය දැමිය හැකියි. (IP ලිපින කීපයක් ඇත්නම් 192.168.1.6* හෝ 192.168.1.66/24 ලෙස වෙනස් කරන්න. 192.168.1.66/67 ක්‍රියාත්මක නොවේ.)

ලිපිගොනුව(file) සුරක්ෂිත(save) කර පිටවෙන්න.

ඉහත විධානයට විවිධ විශේෂණ (attributes) ලබාදිය හැකියි. (උදා- rw, ro, async). වැඩිදුර කියවන්න.

12. දැන් NFS server එක නැවත ක්‍රියාත්මක (restart) කරමු.

sudo /etc/init.d/nfs-kernel-server restart

නැවතත් අමතර පරිගණකයේ (Client)

13. පහත විධානය ක්‍රියාත්මක කරන්න.

sudo gedit /etc/hosts

/etc/hosts වලට පහත සඳහන් පරිදි අමතර පේලියක් එක් කරන්න.

192.168.1.64 nadee-sl500

මෙහි nadee-sl500 වෙනුවට (4 වන පියවරේදී සොයාගත්) ඔබගේ server hostname සහ එහි IP ලිපිනය දැමිය යුතුයි. (IP ලිපින කීපයක් ඇත්නම් 192.168.1.64/65 හෝ 192.168.1.6* හෝ 192.168.1.64/24 ලෙස වෙනස් කරන්න.)

ලිපිගොනුව(file) සුරක්ෂිත(save) කර පිටවෙන්න.

14. නැවතත් පරිගණක අතර සම්බන්ධය නිවැරදිදැයි බැලීමට පහත විධානය ක්‍රියාත්මක කරන්න.

ping -c 1 nadee-sl500

(නැවතත් ඔබගේ දත්ත යොදාගන්න.)
15.Server එකෙන් බෙදාගන්නා ලිපිගොනු එකේ සිට පරිශීලනයට ඩිරෙක්ටරියක් තනාගත යුතුයි. (මෙම ඩිරෙක්ටරියේ දත්ත සටහන් නොවේ.)

sudo mkdir /server-shared

16. අවසන් පියවර Server ලෙස එකේ බෙදාගන්නා (shared directory) ඩිරෙක්ටරිය client එකට සම්බන්ධ කරමු.

sudo mount nadee-sl500:/home/share /home/server-shared nfs

මෙහි වෙනුවට nadee-sl500 ඔබගේ server hostname යොදාගන්න. “/home/share” යනු server එකේ බෙදාගන්නා (file sharing) ඩිරෙක්ටරියයි. “/home/server-shared” යනු client හි තැනූ පරිශීලක ඩිරෙක්ටරියයි (mount point).

දැන් ඔබ client හි තැනූ “server-shared” ඩිරෙක්ටරිය විවෘත කළහොත්, server හි “share” ඩිරෙක්ටරියේ ඇති ලිපිගොනු පෙන්වනු ඇති.

Client පරිගණකය පණගන්වද්දී ස්වයංක්‍රීයව Server එක හා සම්බන්ධ කිරීමට කැමතිනම්

17. Client පරිගණකයේ ටර්මිනලයයක

sudo gedit /etc/fstab

ක්‍රියාත්මක කරන්න. /etc/fstab වලට පහත පේලිය ඇතුලත් කරන්න.

nadee-sl500:/home/share /home/server-shared nfs

ලිපිගොනුව(file) සුරක්ෂිත(save) කර පිටවෙන්න.
දැන් Sever පරිගණකය ක්‍රියාත්මක වෙද්දී Client පරිගණකය පණගැන්නුවොත්, එය ස්වයංක්‍රීයව server හා සම්බන්ධවනු ඇති.

sudo mount -a

විධානයෙන් අවශ්‍ය වූ විටෙක server එක හා සම්බන්ධ විය හැකියි.

ඔබ Server පරිගණකයේ ufw වැනි software firewall එකත් ක්‍රියාත්මක කරනවානම්

sudo ufw allow from 192.168.1.66

මඟින් client පරිගණකයට ඇතුල්වීමේ අවසරය දෙන්න අමතක කරන්න එපා.