මවුබිම කරා

කෙටි කාලයකට මවුබිම වෙතට පැමිණෙන්න සූදානම් මොහොතකයි මේ සටහන තබන්නෙ.

මවුබිමෙන් දුරස්වෙලා සෑහෙන කලක් ගෙවුනා. කාලය ගෙවුන ඉක්මන. එදා මවුබිමෙන් එද්දි ත්‍රස්තවාදීන්ට උතුරේ තම අණසක නැතිවෙන්න ඇරඹිලා තිබුනා.  අද මුළු රටම එක ධජයක් යටතේ තියෙනවා. රට විවිධ ක්ෂේත්‍ර වලින් ඉදිරියට ගිහින්. සමහර ක්ෂේත්‍ර වලින් පසුපසට ගිහිනුත් තියනවා. නමුත් සමස්තයක් විදියට මම නැවතත් පාතබන්නෙ වෙනස් බලාපොරොත්තු පිරුණු රටකටයි.

මොනවා වුනත් නැවතත් මවුබිමට ඇවිත්, නෑදෑ හිතමිත්‍රාදීන් මුණගැසෙන්න ලැබීම සතුටක්. ඉන්නා ටික කාලයෙදි කරගන්නට දේවල් බොහොමයි. ඒ වැඩ මැද සිතුවිලි සටහන් කරන්න ඉසිඹුවක් ලැබේදෝයි සැක හිතෙනවා.

ලැබෙන ඉඩකදී සිතුවිලි සටහන් කරන බලාපොරොත්තුවෙන් දිනකටත් වැඩි ගුවන් ගමනට සැරසෙන්නම්.

“මවුබිම කරා” වෙත සිතුවිලි 7ක්

මාතලන් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න